PODCAST · society
Danula Wickramaarachchi
by Danula Wickramaarachchi
Interviews, Discussions & Documentaries
-
158
කොස්ගම දෙවියන්ගේ කතාව
අද වැඩසටහනෙන් අපි අරගෙන එන්නෙ අපේ රටේ දේශීය දෙවි කෙනෙක් වුණු කොස්ගම දෙවියන්ගේ කතාවයි. අපේ රටේ බොහෝමයක් අය මියැදුණාට පසුව දේවත්වයෙන් පිදුවත්, කොස්ගම දෙවියන්ගේ කතාවේ තියෙන විශේෂත්වය වෙන්නෙ ජීවත් වෙලා ඉන්නකොටම දේවත්වයෙන් පිදීම ආරම්භවීමයි. හැබැයි ඒක සිනහා යන සුළු ඇරඹුමක්!
-
157
කුෂ්ඨරාජගල දේව ප්‍රතිමාව
අද පොඩි කතාව, මාතර පාරෙ යන එන බොහෝමයක් දෙනාගේ අවධානයට ලක් නොවන ස්මාරකයක් වන කුෂ්ඨරාජගල පුරාවිද්‍යා භූමිය ගැනයි.
-
156
බාරස කාව්‍ය නිවැරදිව කියවමු
අද වැඩසටහනෙන් අපි අරගෙන එන්නෙ, පසුගිය වැඩසටහන් කිහිපයකින්ම අපි සාකච්ඡා කරපු බර කව ගබ සක නොහොත් බාරස කාව්‍ය ගර්භ චක්‍රය නිවැරදිව කියවන ආකාරය ගැනයි. මහ නුවර යුගයේ සිටි කරතොට ශ්‍රී ධර්මාරාම නා හිමියන් විසින් රචනා කරන ලද මේ කාව්‍ය සංග්‍රහය, එතෙක් මෙතෙක් අපේ රටේ බිහි වුණු විශිෂ්ඨතම ප්‍රහේලිකා කවියක් විදිහට හඳුන්වන්න පුලුවන්.
-
155
කෘතිම බුද්ධියෙන් ඉතිහාසයට ගීත හදමු
අද වැඩසටහනෙන් අපි හිතුවා පොඩි වෙනස් දෙයක් කරන්න. අද වෙනකොට අපිට නිතරම පෙනෙන, නිතරම ඇසෙන, නිතරම භාවිතා වෙන දෙයක් තමයි AI තාක්ෂණය. ඉතින් අද වැඩසටහනේ අපේ උත්සාහය තමයි... SUNO AI Music Generator Tool එක ඔස්සේ ඉතිහාසය ගැන ගීත කිහිපයක් නිර්මාණය කිරීම සහ ඒ ගීත ගැන විචාරයක් කිරීම.
-
154
පැරණි ලංකාවේ ආගම් සහ විශ්වාසයන්
අද වැඩසටහන අපි වෙන් කරන්නේ අපේ රටේ පැවති ඉපැරණි ආගම් සහ විශ්වාසයන් කිහිපයක් ගැන සාකච්ඡා කරන්නයි. මේවායෙන් සමහරක් අපේ රටේ බුදු දහම නිසියාකාරව ස්ථාපිත වීමට පෙර වගේම ස්ථාපිත වීමෙන් පසුවත් පැවතීම විශේෂත්වයක්.
-
153
වළගම්බා රජතුමා
අද වැඩසටහන අපි වෙන් කරන්නේ අපේ රාජාවලියේ වැඩිම අභියෝග ගණනකට මුහුණ දුන් රජ කෙනෙක් වුණු වළගම්බා රජතුමාගේ චරිතය සහ සේවාව ඇගයීමටයි. ඒ වගේම වළගම්බා රජතුමාට, මහාවංශයෙන් එල්ල වෙලා තියෙන චෝදනා ගැනත් අපි සාකච්ඡා කරනවා.
-
152
ස්තූපයක මූලික අංග සහ ඒවායේ පසුබිම් කතාව
අද අපි සාකච්ඡා කරන්නේ ස්තූපයක දකින්න ලැබෙන මූලික අංග ගැනයි. ඒ වගේම ස්තූපයන්වලට ඒ අංග ඇතුළත් කෙරිලා තියෙන්නෙ ඇයි කියලත්, ඒ අංගයන්වල විකාශනය ගැනත් අපි සාකච්ඡා කරනවා.
-
151
යටාල ස්තූපය සහ විහාරය
අද අපි සාකච්ඡා කරන්නේ තිස්සමහාරාම - කතරගම පාරේ යන එන අයගේ වැඩි අවධානයකට පාත්‍ර නොවෙන, ඒත් ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වශයෙන් විශාල වටිනාකමක් සහිත පූජා භූමියන් වන යටාල රහමහා විහාරස්ථානය ගැනයි.
-
150
ඇම්බැක්ක දේවාලයේ ඔබට මගහැරුණු තැන්
අද පොඩි කතාවෙන් අපි කතා කරන්නේ, ඇම්බැක්ක දේවාලය බලන්න යන ගොඩක් අයගේ විශේෂ අවධානයක් යොමු නොවෙන දේවාල අංග කිහිපයක් ගැනයි.
-
149
ඇස් පනා පිටම විකෘති කෙරෙන ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවම්
"ආපෝ ඉතින් ඕවා හොරෙන් ඉස්සුවා කියලා මොකද වෙන්නෙ? ඕවා මැරෙනකොට ගෙනියන්නෙ නෑනෙ?".... ඔයාත් කවදා හරි නිර්මාණ ශිල්පියෙක්ට, ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ ගැන මෙහෙම කියලා තියෙනවද? එහෙම දෙයක් වුණාම හිතට දැනෙන දේ ඇත්තටම දැනගන්න නම් ඔයත් කවදා හරි දවසක මොකක් හරි නිර්මාණයක් කරලා, ඒ නිර්මාණයටත් එහෙම්මම වෙන්න ඕන. එහෙම නැතුව මේක ගැන කතා කරලා තේරුමක් නෑ... ඒත් එහෙමම ඉන්නෙත් නැතුව, අද "මගේ සත දෙක" විශේෂාංගයෙන් අපි හිතුවා නිර්මාණ මංකොල්ලය ගැන ටිකක් කතා කරන්න. අද වැඩසටහනට මම පාදක කරගන්නෙ, අපේ රටේ සිටින ජ්‍යේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වන ප්‍රසන්න වීරක්කොඩි මහතා සමඟ අවුරුදු කිහිපයකට කලින් මම යෙදුනු ඊමේල් සංවාදයක අත්දැකීම්...
-
148
ගාල්ල ප්‍රදීපාගාරය
අද පොඩි කතාවෙන්, ගාල්ල ප්‍රදීපාගාරය ගැන විස්තර ටිකක් කියන්න හිතුවා.
-
147
දෙව්වරුන්ගේ චිත්‍ර සහ පිළිම
අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ චිත්‍ර සහ මූර්තිවලින් නිරූපණය වන අප්‍රසිද්ධ දෙව්වරුන්ව පහසුවෙන් හඳුනා ගන්න පුලුවන් ක්‍රම ගැනයි.
-
146
ජපුර කැම්පස් පාරේ කතාව
ඔයාලත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත්, රත්තණපිටිය මංසන්ධියත් අතර පාරට කැම්පස් පාර කියලද කියන්නෙ? එහෙනං මෙච්චර කාලයක් කියලා තියෙන්නෙ වැරදි නමක්. අද පොඩි කතාව අන්න ඒ ගැනයි.
-
145
කොළඹ ආනන්ද විද්‍යාලය - 05 වන කොටස: අපේ සයන්ස් සර්
ආදරණීය ආනන්දය උප වැඩසටහන් මාලාවේ 05 වෙනි කොටසෙන් අපි මතකය අවදි කරන්නේ, 2006 වසරේදී විශ්‍රාම ගත් , කණිෂ්ඨ අංශ විද්‍යා විෂයභාර ආචාර්යවරයෙක් වුණු සුනිල් ද අල්විස් ගුරු පියාණන් ගැනයි.
-
144
කොළඹ ආනන්ද විද්‍යාලය - 04 වන කොටස: අපේ ඉතිහාසය සර්
ආදරණීය ආනන්දය උප වැඩසටහන් මාලාවේ 04 වෙනි කොටසෙන් අපි මතකය අවදි කරන්නේ, කොළඹ ආනන්ද විද්‍යාලයීය උසස්පෙළ කලා අංශයේ ඉතිහාසය විෂයභාර ගුරුවරයෙකු ලෙස කටයුතු කළ නිමල් රණසිංහ මහතා ගැනයි.
-
143
අප්‍රසිද්ධ ජාතික වීරයෙක්
අද පොඩි කතාව, බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කළ අපේ නිදහස් සටනේදී ජීවිතය පූජා කළ, නමක් ගමක් නොදන්න ජාතික වීරයෙක් ගැනයි!
-
142
කොළඹ ආනන්ද විද්‍යාලය - 03 වන කොටස: පරිවර්තනීය මතක
1999 වසරේ සිට 2012 දක්වා වූ කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිදු වුණු විශේෂ සිදුවීම් සහ සන්ධිස්ථාන...
-
141
රම්බොඩගල්ල සමාධි බුදු පිළිමය
මාස අටකට පස්සෙ අපිත් එක්ක ආයිත් සම්බන්ධ වෙනවා මූර්ති සහ කැටයම් ශිල්පී තාරක රුද්‍රිගු මහතා. අද අපි ඔහුත් සමඟ සාකච්ඡා කරන්නේ ලෝකයේ විශාලතම ග්‍රැනයිට් බුදු පිළිමය වන කුරුණෑගල රම්බඩගල්ල බුද්ධ ප්‍රතිමාව හැදුනු හැටි ගැනයි. ඔහු මේ ව්‍යාපෘතියේ ආරම්භකම සාමාජිකයෙක් වගේම, ව්‍යාපෘතියට සහභාගී වුණු එකම ශ්‍රී ලාංකීය (ආධුනික) කැටයම් ශිල්පියාද වෙනවා.
-
140
ඕනෑම වෘත්තියක ඕනෑම වෘත්තිකයෙකුට වැදගත් කතාවක්
අද මන්ත්‍රණ වැඩසටහන සඳහා නැවත වරක් අපි ආරාධනා කළා මූර්ති සහ කැටයම් ශිල්පී තාරක රුද්‍රිගු මහතාව. අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ ඕනෑම වෘත්තියක නියැලෙන සහ ඕනෑම වෘත්තියකට පිවිසෙන්න ඉන්න ඕනෑම කෙනෙකුට ඉතාමත් වැදගත් වන උපදෙස් කිහිපයක් (චිත්‍ර, කැටයම්, මූර්ති කලාවන් ඉගෙනගන්න අයට විශේෂයි)
-
139
සඳකඩපහනේ කතාව සරලව
විලක මතුපිට දර්ශනය නොහොත් සඳකඩපහනේ කතාව ඉතාමත් සරලව...
-
138
වේහැල්ලේ ධම්මදින්න නා හිමි
අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ වේහැල්ලේ ධම්මදින්න නා හිමියන් සහ උන්වහන්සේගේ ශාසනික මෙහෙවර ගැනයි. ඒ වගේම වැලිවිට සරණංකර සංඝරාජ නා හිමියන්ගේ ගිහි සහ පැවිදි පරපුරට, කරතොට ධර්මාරාම නා හිමියන්ගේ ගිහි සහ පැවිදි පරපුරට... වේහැල්ලේ ධම්මදින්න නා හිමියන්ගේ ගිහි සහ පැවිදි පරපුරේ ඇති සම්බන්ධතාවයන් ගැනත් අපි වැඩිදුර අධ්‍යනය කරනවා.
-
137
මැදවෙල ගුණානන්ද හිමි
අද පොඩි කතාව වෙන්වන්නේ, පූජ්‍ය මැදවෙල ගුණානන්ද නා හිමියන්ගේ ශාසනික සේවාව ඇගයීමටයි.
-
136
මහනුවර යුගයේ බිතුසිතුවම් ලක්ෂණ
අද පොඩි කතාව, මහනුවර යුගයේ බිතුසිතුවම් වල ලක්ෂණ ගැනයි...
-
135
මෙන්න ගෙනාවා උත්තර : 05 වන කොටස
2024 අප්‍රේල් සිට 2024 දෙසැම්බර් වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !
-
134
කොළඹ ආනන්ද විද්‍යාලය - 01 වන කොටස: යතිවර මතක
1999 සිට 2012 දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයීය පැවිදි ආචාර්ය මණ්ඩලයේ සිටි යතිවරයාණන් වහන්සේලා (ප.ලි - මෙම වැඩසටහනේදී පූජ්‍ය හඟුරන්කෙත චන්ද්‍රරතන හිමියන් පිළිබඳව සාකච්ඡා නොකරන්නෙ, උන්වහන්සේ සම්බන්ධව මා හට කිසිදු අත්දැකීමක් නොමැති බැවිනි)
-
133
මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා ලක්ෂණ
අද පොඩි කතාව, මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා වල ලක්ෂණ ගැනයි.
-
132
Inside Story with Hasini - මෙතෙක් නොකී සියලුම රසබර කතා
අපේ මන්ත්‍රණ වැඩසටහන් මාලාවේ අද වැඩසටහනේ ආරාධිත අමුත්තිය වන්නේ, මාධ්‍යවේදිනී හසිනි ඒකනායකයි. පසුගිය වැඩසටහනකින් අපි ඇයගේ Inside Story එක ගැන කතා කළා ඔයාලට මතක ඇති. අද වැඩසටහනෙන් අපි කතා කරන්නෙ ඇයගේ Inside Story with Hasini වැඩසටහන ගැනයි.
-
131
පාසල් දරුවන්ට ඉතිහාසය නීරස ඇයි?
අද සත දෙකේ වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ අපේ පාසල් දරුවන්ට විෂයක් විදිහට ඉතිහාසය නීරස වෙන්න මම දකින හේතූන් සහ මගේ අත්දැකීම් ගැනයි.
-
130
සඳකඩපහණ සත්ව පේළියේ තවත් විශේෂත්වයක්
අද පොඩි කතාවෙන් අපි සාකච්ඡා කරන්නේ අනුරාධපුර බිසෝ මාළිගාවේ සඳකඩපහණේ සත්ව පේළියේ ඇති ඔබ නොදැකපු තවත් විශේෂත්වයක් ගැනයි.
-
129
සඳකඩපහණ ද? සඳකඩපහන ද?
පූජනීය ස්ථානයකට ඇතුළුවෙනකොට පියගැටපෙළට ඉදිරිපසින්, මුරගල් දෙක අතරින් තියෙන්නෙ අර්ධකවාකාර කැටයමක්. අද පොඩි කතාවෙන් අපි කියන්නෙ මේ කලා නිර්මාණයේ නම සිංහලෙන් ලියනකොට, අකුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන අදහසක් ගැනයි.
-
128
යහපත් සමාජයක් වෙනුවෙන් හංස කලායතනාධිපති Anura Kumaraගේ සැලසුම | අනුර කුමාර
📌 පෙරහැර අලි හිගයට විසදුමක් 📌 තුර්කි කෞතුකාගාරයට ගිය ශ්‍රී ලංකා සරුංගලය 📌 තරුණයින්ට රැකියා අවස්ථා 📌 දරුවන්ට නොමිලේ චිත්‍ර පන්ති
-
127
දේව ප්‍රතිමාවේ බලය බින්ද වෑත්තෑවේ හිමියන්
අද පොඩි කතාව, කෝට්ටේ යුගයේ වෑත්තෑවේ හිමියන්ට ඉන්දියාවේදී වුණු ඇබැද්ධියක් ගැනයි.
-
126
දළදා මාලිගාවේ මුලාදෑනිවරු
අද පොඩි කතාවෙන් අපි සාකච්ඡා කරන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විවිධ කාර්යයන්වල නිරත වෙලා ඉන්න මුලාදෑනිවරු කිහිපදෙනෙක් ගැනයි.
-
125
පොලොන්නරු සඳකඩපහණ
අද වැඩසටහනෙන් අපි කතා කරන්නෙ පොලොන්නරු යුගයේ සඳකඩපහණේ ලක්ෂණ සහ අනුරාධපුර යුගයේ සඳකඩපහණේ සත්ව පේළියට අත තැබීම නිසා ඇති වුණු බලපෑම සම්බන්ධව ඇති කථිකාවතක් ගැනයි.
-
124
ලෝකයේ විශාලම 3D සඳකඩ පහණ
අනුරාධපුරයේ බිසෝ කොටුවේ සඳකඩ පහණ ගැන අවුරුදු 12ක අධ්‍යනයක් කරලා, ඒ ඔස්සේ විශාල අභ්‍යාස භූමියක් ගොඩ නගපු තරුණ මූර්ති ශිල්පියෙකුගේ කතාව!
-
123
හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සැබෑ බෞද්ධයෙක්ද?
පුංචි කාලයේ අපි ජාතික වීරයො ගැන ඉගෙනගන්නකොට ඕල්කට්තුමා ගැනත් ඉගෙන ගත්තා. හැබැයි අපි ඉගෙනගත්තේ ඕල්කට්තුමාගේ පැමිණීම, පන්සිල් සමාදන් වෙලා බෞද්ධයෙක් බවට පත්වීම සහ ඕල්කට්තුමා අපේ රට වෙනුවෙන් කරපු සේවාවන් ගැන. ඒ නිසා අද වැඩසටහනේදී අපිට හිතුනා ඕල්කට්තුමා අපේ රටේ ගත කරපු අවසාන කාලයේදි සිදු වුණේ මොන වගේ දේවල්ද කියලා සාකච්ඡා කරන්න.
-
122
DJ කෙනෙක් වෙන එක ඔය තරමටම අමාරුද? - DJ Lahiru
ශ්‍රී ලංකාවේ ඇත්තටම DJ වෘත්තියට පිළිගැනීමක් තියෙනවද? මොනවද අපේ රටේ සහ පිටරට DJ Industries අතරේ තියෙන වෙනස්කම්? මොනවද අපේ රටේ DJ වෘත්තිකයින්ට තියෙන ප්‍රශ්න? ලංකාවේ DJ Industry එක Tomorrowland තත්වයට ගේන්න බැරිද? DJ කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අයට මොනවද තියෙන අවස්ථා? එකී මෙකී නොකී අකී ප්‍රශ්න ගොඩකට, උත්තර දෙන්න අද අපේ මන්ත්‍රණ 03 වන වැඩසටහනට සහභාගී වෙන්නේ DJ ශිල්පී ළහිරු වන්නිනායකයි.
-
121
මෝහනයෙන් 1848 සටනට
මෝහන විද්‍යාවෙන් තහවුරු වුණු 1848 අරගලය ගැන පුංචි කතාවක් අහමු.
-
120
ජැක්සන් ඇන්තනී නම් ඉතිහාස ඝාතකයා?
ජැක්සන් ඇන්තනී මහතා කියන්නෙ All in One Package එකක්. හැකියාවන් සහ දක්ෂතා අතරින් ලෝකයේ පහළ වුණු අතිදුර්ලභ චරිතයක්. ඒ ගැන කිසිම විවාදයක් නෑ. ඒත් බොහෝ දෙනෙක්ට ජැක්සන් ඇන්තනී නම එපා වෙන්නෙ බලපෑවේ ඔහුගේ දේශපාලනික කටයුතු සහ ඉතිහාස විෂය, ඔහුගේ දේශපාලන කටයුතු වලට භාවිතා කිරීමට ගියපු එකෙන්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා ඉතිහාසය ගැන කරපු සමහරක් සමහරක් දේවල් ගැනත් පසු කාලීනව සමහරක් අයගේ විවාදයට ලක් වුණා. ඉතින් මේ ඔක්කොමත් එකතු කරගෙන අද සත දෙකේ කතාව, ජැක්සන් ඇන්තනී මහතාට වෙන් කරන්න හිතුවා.
-
119
මින්නේරිය දෙවියෝ
මහසෙන් රජතුමා ගැන අපි නිර්මාණය කරපු වැඩසටහන් මාලාවේ තුන්වෙනි සහ අවසාන වැඩසටහන තමයි අද අපි අරගෙන එන්නෙ. අද වැඩසටහනේදී අපි ජනප්‍රවාද ඇසුරෙන් සාකච්ඡා කරනවා කොහොමද මහසෙන් රජතුමා මරණයෙන් පස්සෙ මින්නේරිය දෙවියන් බවට පත් වුණේ කියලා.
-
118
ථූපාරාම විනය සංගායනාව
අපේ රටේ සිදු කෙරුනු සංගායනා කිව්වම හැමෝටම වගේ මතක් වෙන්නෙ වළගම්බා රාජ්‍ය සමයේ වුණු සංගායනාව ගැනයි. ඒ නිසා අද පොඩි කතාවෙන් අපි කියන්න හිතුවා මහින්දාගමනයෙන් පසුව අපේ රටේ සිදු කෙරුණු පළවෙනි සංගායනාව නොහොත් ථූපාරාම සංගායනාව ගැන.
-
117
මහසෙන් රජතුමාගේ අවසන් හුස්ම
අද වැඩසටහන වෙන් වෙන්නේ මහසෙන් රජතුමාගේ මින්නේරිය වැව නිර්මාණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය හා බැඳුනු රසවත් ජනප්‍රවාද කිහිපයක් ගැනයි. ඒ වගේම වැඩසටහන අවසානයේදී අපි කියනවා කොහොමද මහසෙන් රජතුමාගේ මරණය සිදු වුණේ කියලත්
-
116
මෙන්න ගෙනාවා උත්තර : 04 වන කොටස
2024 ජනවාරි සිට 2024 අප්‍රේල් වෙනකං ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම....... උත්තර !
-
115
AI යුගයේ ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම
"ඉතිහාසය කන්නද?" කියන්නෙ, අපේ රටේ එක එක කාලවල්වලදී උඩට එන මාතෘකාවක්. මුළු ලෝකයක්ම AI ගැන කතා කරන මේ කාලයේ, විද්‍යාව සහ තාක්ෂණයත් එක්ක ඉදිරියට ගමන් කරමින් ඉන්න මේ මොහොතේ, අපි තව දුරටත් ඉතිහාසය වගේ පරණ විෂයන් ඉගෙනගෙන වැඩක් තියෙනවද? අද සත දෙකේ කතාව, අන්න ඒ ගැනයි.
-
114
දීපවංශයට හැඳින්වීමක්
අද පොඩි කතාව, අපේ රටේ දැනට හමුවී ඇති පැරණිතම ඉතිහාස ග්‍රන්ථය යැයි සැළකෙන දීපවංශය ගැනයි.
-
113
වංසත්තප්පකාසිනියට හැඳින්වීමක්
සාහිත්‍ය මූලාශ්‍ර යටතේ එන අට්ඨ කතාවල තියෙන සමහරක් නොතේරෙන, අපැහැදිලි තැන් විස්තර කරන්න ටීකාකරණයක් අවශ්‍යයි. ටීකාවක අරමුණ වෙන්නේ අදාළ අට්ඨ කතාවේ තියෙන අපැහැදිලි සහ ගැටළු සහිත තැන් හඳුනාගෙන, ඒවා පැහැදිලිව සහ විස්තරාත්මකව සටහන් කිරීමක්. අපේ රටේ ටීකාවන් අතරින් තියෙන ප්‍රධානතම ටීකාවක් වන "වංසත්තප්පකාසිනිය" ගැන තමයි අද පොඩි කතාව.
-
112
ලංකාව ගැන පිටරට්ටු කියපු කතා
අපේ රටේ ඓතිහාසික තොරතුරු අධ්‍යනය කරන්න පුලුවන් වෙන මූලාශ්‍ර වර්ගයක් තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නෙ. ඒ අතරේ සමහර විදේශිකයින් අපේ රටට ඇවිත් අපේ රටේ සංචාරය කරන ගමන් අපේ රට ගැන ලියලා තියෙනවා. සමහරු අපේ රටට නෑවිත්, අපේ රට ගැන දන්න සහ යන එන අයගෙන් අහගත්ත තොරතුරු ඔස්සේ අපේ රට ගැන ලියලා තියෙනවා. ඉතින් මේ කොයි විදිහට එයාලා අපි ගැන ලිව්වත්, ඒ ලියලා තියෙන කරුණු ඒ විදිහටම භාර නොගෙන, තර්කානුකූලව, බොහොම ප්‍රවේශමෙන් කියවන්න ඕන.
-
111
සිංහලයාගේ තාක්ෂණය
2013 අප්‍රේල් 30 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයීය හෙළ සිසු හවුල විසින් සංවිධානය කරනු ලැබූ හෙළ දින දසුන එළිදැක්වීමේ වැඩසටහනේදී පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමියන්, වරලත් ඉංජිනේරු ඊලියන් ද සිල්වා මහතා, මහාචාර්ය පණ්ඩුල ඇදගම මහතා සහ ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කළ දේශන...
-
110
පැරණි බෞද්ධ ආරාමවල අංග
අද පොඩි කතාවෙන් අපි, පැරණි බෞද්ධ ආරාමයක දකින්න ලැබෙන විහාර අංග ගැන කතා කරමු.
-
109
මෝහනයෙන් කෝට්ටේ යුගයට
අද වැඩසටහන, අපිට ඉතිහාසය සොයාගන්න උදව් වෙන මූලාශ්රවල සම්මත ලැයිස්තුවට අයත් නොවෙන, ඒත් වක්‍රාකාරයෙන් උදව් කරගන්න පුලුවන් දෙයක් ගැනයි. ඒ තමයි මෝහන විද්‍යාව ඔස්සේ හෙළිවන කරුණු. මේ වැඩසටහනේදී වෛද්‍ය එස්.බී.ජයසිංහ මහතා රචනා කරපු "මෝහන ප්රතිගමන ප්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය සහ පුනර්භවය" කෘතියේ සඳහන් වෙන ඒ වගේ තොරතුරු රාශියක් අතරින් අපි කෝට්ටේ යුගයේ කතාවක් තෝරගත්තා.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
Loading similar podcasts...