PODCAST · news
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
by SBS
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
-
1000
කුඩා තැම්පතු මුදලකින් ගෙයක් ගන්න 'Help to buy' ක්‍රමවේදයේදී ඔස්ට්‍රේලියානු රජය උදව් කලත් ඒ සමග එන රජයේ මේ කොන්දේසි ගැන ඔබ දැනුවත්ද?
ඔස්ට්‍රේලියාවේ පළමු නිවස ගන්න ඉන්න බොහොමයක් දෙනා, රජයෙන් ලබාදෙන විවිධ සහන ක්‍රමවේද ගැන වැඩි උනන්දුවක් දක්වනවා. වර්තමානයේ ෆෙඩරල් රජයෙන් හඳුන්වාදෙන මේ වගේ වැඩපිළිවෙලක් තමයි මේ 'Help to Buy' කියන ක්‍රමවේදය. ඉතින් මේ ක්‍රමවේදය හරහා රජය සමග හවුලේ ගෙයක් ගන්න එක තමයි සිදු වන්නේ. නමුත් රජය මේ ගනුදෙනුවට සම්බන්ධ වූ විට විවිධ කොන්දේසි වලට ඔබට යටත් වෙන්න සිදුවනවා. මේ වගේ කොන්දේසි කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න අද මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා.
-
999
Tips to reduce petrol costs | Fuel in Focus - ඔස්ට්‍රේලියාවේදී ඉන්ධන සඳහා වැයවන මුදල් ප්‍රමාණය ඉතිරි කරගන්න ඔබ මේ ක්‍රම අත්හදා බැලුවාද?
Rising fuel prices are putting pressure on household budgets across Australia, and for many people, it’s changing the way they travel. So what can you do to reduce your fuel costs without giving up your daily routine? Here are some simple, practical ways to save money on petrol. - අපේ දෛනික ජීවිතය වෙනස් නොකර ඉන්ධන වියදම් අඩු කරගන්න ක්‍රමයක් තියෙනවද? මෝටර් රථ ඉන්ධන සඳහා වැයවන මුදල් ඉතිරි කරගැනීමට පහසු සහ ප්‍රායෝගික ක්‍රම කිහිපයක් පිළිබඳව සොයා බලන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉහළ යන ජීවන වියදම්වලට ඔස්ට්‍රේලියානුවන් අනුගත වන ආකාරයද අපි මෙහිදී සොයා බලනවා.
-
998
ඔස්ට්‍රේලියාවේ අලුත් අයවැයෙන් නිපුණතා සංක්‍රමණිකයින්ට PR ගන්න වැඩි අවස්තාවක් දෙනවද?
ෆෙඩරල් අයවැය යෝජනා වලට අනුව වසරකට ඔස්ට්‍රේලියාවට ලබා ගන්නා ස්ථිර සංක්‍රමණිකයින් ගණන 185,000ක් ලෙස තව දුරටත් පවත්වාගෙන යන්න යෝජනා වෙලා තිබෙනවා . මේ අතරින් 70%කට වැඩි ප්‍රමාණයක් නිපුනතා සහිත සංක්‍රමණිකයින්ට වෙන් කරන්නයි රජය සැලසුම් කරලා තියෙන්නේ. එනම් ඔස්ට්‍රේලියාවට දැන් අවශ්‍ය වෙන්නේ වැඩි දක්ෂතා තියෙන, හොඳ අධ්‍යාපනයක් තියෙන, තරුණ සහ රටේ ශ්‍රම බලකායට ඉක්මනින් එකතු වෙන්න පුළුවන් සංක්‍රමණිකයින්. මේ නව යෝජනා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගන්න සූදානම් වන ඔබට සිදුවන බලපෑම සහ ඔබ දැනගත යුතු කාරණා කිහිපයක් ගෙන එන්න අපි මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වෙනවා.
-
997
ලොව වටා: ඇමරිකා සහ චීන බලවතුන් අතර හමුවක් , ඉන්ධන භාවිතය අඩු කරන ලෙස ඉන්දීය අගමැති ඉල්ලයි
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
996
SBS සිංහල පුවත්: 'වෙනස්කම් යටතේ සංක්‍රමණික ප්‍රජාවට ව්‍යාපාර ඇරඹීම පහසු වනවා' - කුඩා ව්‍යාපාර කටයුතු ඇමතිනි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
995
අපේ වහරේ කතා අහුරක්: ඈ මුදලාලි! එතකොට මං සියඹලා ගෙනල්ලාම නැද්ද?
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ සියඹලා විකුණා ගන්න ගිහිං අමාරුවෙ වැටුණ ගැමියාගේ කතාව.
-
994
● ස්ථිර පදිංචි ලකුණු ක්‍රමයට වෙනස්කම් ● මෙඩිකෙයාර් සීමා ඉහළට ● නිවාස දේපළ බදු සංශෝධනයට - මෙන්න අයවැයෙන් සහන ලබන හා පාඩු ලබන අය
ඔස්ට්‍රේලියාවේ පාලක කම්කරු පක්ෂයේ පස්වන අයවැයෙන් යෝජනා කර ඇති බදු සහ ප්‍රතිපත්ති වෙනස්කම් මොනවා ද? SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ගෙන ආ අයවැය යෝජනා පිළිබඳ ගෙන එන මේ විග්රහයට සවන් දෙන්න.
-
993
SBS සිංහල පුවත්: නිපුණතා සහිත කාර්මික අංශයේ සංක්‍රමණික සේවකයින්ට මෙවර අයවැයෙන් වැඩි අවස්ථාවක්
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
992
කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ 400,000ක් පමණ සීලියැක් රෝගයෙන් පෙළුනත් රෝග විනිශ්චයක් ලබන්නේ සියයට 20යි
සියයට 70ක් පමණ ඕස්ට්‍රේලියානුවන් සීලියැක් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව වෙස්ලි රිසර්ච් ආයතනය හෙළි කරනවා. ලෙබනන් සම්භවයක් ඇති තරුණ ඔස්ට්‍රේලියානු කාන්තාවක් අමුතු වැඩක් අරඹා තිබෙනවා. සීලියැක් රෝගයේ ඇගේ අත්දැකීමත් සමඟ අනෙක් අයව දැනුවත් කරන්න ඇය පෙළඹිලා. ඒ නිර්මාණශීලී අයුරින්. සීලියැක් රෝගය පිළිබඳව වැඩි අවබෝධයකින් යුත් ප්‍රජාවක් දැකීමයි ඇගේ බලාපොරොත්තුව. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
-
991
ඔස්ට්‍රේලියානු ආර්ථිකය නැවත ගොඩනැගීමේ දුෂ්කර මාර්ගය තෝරාගත් අයවැයක් ලෙස හඳුන්වාදෙමින් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අයවැය යෝජනා ඉදිරිපත් කරයි
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අය වැය ඉදිරිපත් කිරීම අද සිදුකලා. දුෂ්කරවූ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට වැඩි අවධානයක් යොමුකරන අයවැයක් ලෙස මේ අයවැය ඔහු හඳුන්වා දුන්නා. රාජ්‍ය විදම් අවම කිරීමට මේ අයවැයේදී කටයුතු කර ඇති බව ලේබර් රජය පවසනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු මහබැංකු ප්‍රධානි මිෂෙල් බුලොක් සහ ආර්ථික විශේෂඥයින් රාජ්‍ය වියදම් අවම කිරීම ඉතා වැදගත් බවත් එසේ නොවුනහොත් උද්ධමනය තවදුරටත් ඉහල යා හැකි බවටත් මින් පෙර අනතුරු අඟවා තිබුනා. මේ හේතුවෙන් වියදම් සීමා කෙරෙන අයවැයක් ලෙස මේ හඳුන්වා දෙන්න ලේබර් රජය කටයුතු කරන බව පෙන්නේනට තිබෙනවා. මේ අයවැයේදී ඉදිරිපත්වූ යෝජනා ගැන වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
990
අද ඉදිරිපත් කරන ඔස්ට්‍රේලියාවේ අයවැයෙන් සහන ලැබෙයි ද නැත්නම් බදු වැඩි වෙයි ද? - ආචාර්ය බුද්ධික ගමගේ ගෙනෙන විග්‍රහයක්
ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය අද සිය ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ SBS සිංහල සේවය සමග ඔස්ට්‍රේලියාවේ ආර්ථික උපායමාර්ග සහ සේවා පිළිබඳ සහතික ලත් සංවර්ධක ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආචාර්ය බුද්ධික ගමගේ මහතා සිදු කල පූර්ව විශ්ලේශණයට සවන් දෙන්න.
-
989
SBS සිංහල පුවත්: මගී නෞකාවකදී හන්ටා වයිරස පැතිරීමේ තත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානුවන් පිරිස පර්ත් නුවරට ගෙන්වා ගනී
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
988
කාලීන විග්‍රහය: ලිබරල් පක්ෂය අභිබවමින් පෝලින් හැන්සන්ගේ 'One Nation' පක්ෂය ලබන ජයග්‍රහණ වලට හේතුව කුමක් ද?
පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය නායකත්වය දරන 'One Nation' පක්ෂය වර්තමානය වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂවලට විශාල අභියෝගයක් බවට පත්වෙමින් ඉන්නවා. පසුගියදා පවතී මැතිවරණයකදී ඔවුන් ලිබරල් පක්ෂයේ ප්‍රබල ආසනයක් වන Farrer ආසනය ජයග්‍රහණය කරන්නට සමත් වනවා. මේ ලබපු සුවිශේෂී ජයග්‍රහණය ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
987
පිරිමින්ට සියදිවි නසා ගැනීමට හිතෙනවා වැඩි ද?
පුරුෂ මානසික සෞඛ්‍යය සහ සියදිවි නසා ගැනීමේ අවදානම් පිළිබඳව මනෝ වෛද්‍ය රෙජිස්ට්‍රා චමීර වීරසේකර SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.
-
986
මව්බිමෙන් පුවත්: මහඇමති විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම් / මහින්ද රාජපක්ෂ හෙට අල්ලස් කොමිසමට
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
985
SBS සිංහල පුවත්: ෆාරර් බලය වන් නේෂන් පක්ෂයට, වෙස්ටර්න් සිඩ්නි වෙත මීළඟ අවධානය යොමු කරන බවට ප්‍රකාශයක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
984
කාලීන විග්‍රහය: ඩිජිටල් සිට ඇනලොග් වෙත යන Gen Z පරපුර ස්මාර්ට් ලෝකය එපා කියමින් පැරණි උපාංග වැළඳ ගන්නා ලකුණු
Gen Z, තාක්ෂණික යුගයේ හැදී වැඩෙන පරම්පරාවයි. මේ ඩිජිටල් යුගයේ ඔවුන් ඇනලොග් උපාංග කරා ආපසු ගමන් කරන බවක් ඔබ සිහිනෙකින්වත් සිතුවද? කැසට්පට, VHS පට, පැරණි පොකැට් රේඩියෝ යන්ත්‍ර සහ බොත්තම් ඇති දුරකතන වැනි දේ ගැන ප්‍රියතාවක් දක්වන තරුණ පරම්පරාවක් සමහර විට ඔබේ ඇස ගැසී ඇති. ගීතවලට සවන් දෙන්න ස්මාර්ට් දුරකතනයේ යෙදවුමක් වෙනුවට ඔවුන් සොයන්නේ වෙනම උපාංගයක්. මේ නිසාම යුගයකට අයත්ව අමතක කළ උපාංගවලට නව වටිනාකමක් එක් වෙලා. තමන් නූපන් යුගයක තාක්ෂණයක් භාවිත කරන්න Gen Z පරපුර පෙළඹුණේ ඇයි? අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
-
983
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 04 - මැයි 08
මැයි 04වන දා සිට මැයි 08වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
-
982
මව්වරුන්ගේ දින විශේෂාංගය: ඔබේ දරුවාගේ සමීපතම විශ්වාසදායක මිතුරා ඔබ ද නැතිනම් ස්මාට් ෆෝන් එක ද?
සෑම වසරකම මැයි මස දෙවන ඉරු දිනය මව්වරුන්ගේ දිනය ලෙස ඔස්ට්‍රේලියාවේ දීත් ශ්‍රී ලංකාවේ දීත් සැමරෙනවා. දිනෙන් දින දියුණු වෙන තාක්ෂණය සමග හැදී වැඩෙන දරුවන් සහිත මව්වරුන් මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද? මෙල්බර්න්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ මේ සම්බන්ධයෙන් SBS සිංහල සමග කළ කතා බහට සවන් දෙන්න.
-
981
වෙසක් සැමරුම් අසිරියෙන් ඇඩිලේඩ් නුවර ඒකාලෝක වෙන්නේ මෙන්න මෙහෙමයි
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර පැවැත්වෙන වෙසක් සැමරුම් පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා වාර්තාකාරිය කුමුදිණි සිල්වා ගෙනෙන මේ විශේෂාංගයට සවන් දෙන්න.
-
980
තරුෂි එක්ක තරු කතා: සමාජයේ අපිට වඩා වැරදි කරන කට්ටිය සද්ද නැතිව ඉද්දි අපේ පොඩි වැරැද්දත් ලොකු කරලා පෙන්නනවා - දිල්හානි ඒකනායක
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
-
979
ක්‍රීඩා විග්‍රහය: අපි ජාතිය, ආගම, පක්ෂය සලකන්නෙ නෑ - ක්‍රීඩා ඇමති / හෙල්ල විසි කර රිදියෙන් දිනූ සුමේධ සහ නදීෂා / ඔස්ට්‍රේලියාවේ දී ස්කොෂ් පිටිය ජයගත් සිතුම්ලි
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
978
මව්බිමෙන් පුවත්: වියට්නාම ජනපති ලංකා පාර්ලිමේන්තුවට / මුදල් ලේකම් ලංකාවේ පුරවැසියෙක් නොවන කල්ලතෝනියෙක් ද? - දයාසිරි
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
977
SBS සිංහල පුවත්: සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
-
976
කාලීන විග්‍රහය: මෙවර ඉදිරිපත් කරන්නට සැරසෙන ඔස්ට්‍රේලියානු අය වැය පිලිබඳව භාණ්ඩාගාරිකවරයාගෙන් ප්‍රකාශයක්
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ මෙවර අය වැය පිළිබඳව විශේෂ අවධානයක් වී තිබෙනවා. වඩා වගකීම් සහගත අයවැයක් මෙවර තමන් ඉදිරිපත් කරන බවට භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. රාජ්‍ය වියදම් කපාහරිමින් අස්ථාවර ගෝලීය ආර්ථිකයට මුහුණදීම සඳහා වගකීම් සහගතව පිළියෙළ කරන ලද අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. මේ පිලිබඳව ඔහු සහ විපක්ෂ මන්ත්‍රී වරුන් දැක්වූ අදහස් අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
975
ළඟදීම එන Negative gearing වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවත් වැඩි කරයිද, හරි විස්තරේ මෙන්න
Negative gearing යනු කුමක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඕස්ට්‍රේලියාවේ දේපල වෙළඳපොළට බලපාන්නේ කෙසේද යන්න ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
-
974
මව්බිමේ ගැමි සුවඳ යළිත් සිඩ්නි හදවත් වල අවදි කරන ඕස්ට්‍රේලියාවේ තිළිණි, ‘අපේ ගම් ගොඩේ’ ගැන අපට කියූ දේ
සාම්ප්‍රදායික ගැමි ජීවිතයේ චමත්කාරය, ගැමි ජීවිතයේ අභාෂය ලබමින් මවුබිමෙන් බොහෝ දුරින් ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ව යළිත් සංස්කෘතිය, උරුමය සහ ප්‍රජාව සමඟ එක් කරන Sri Lanka Dance Academy Sydney සංවිධානය කරන "අපේ ගම් ගොඩේ 2026" උත්සවය පිලිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
-
973
ලොව වටා: බොරු ප්‍රචාර කල ඇපල් සමාගම නඩුව ගොඩින් බේරා ගනී, කොවිඩ් වැනි වෛරසයක් පැතිර යාමක් ගැන බියක්
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
-
972
අපේ වහරේ කතා අහුරක්: උපාසකයා සහ ගැරඬියා
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ උපාසක ඇත්තෙක් බණකට ගිහින් හිටිය වෙලාවෙ ගැරඬියෙක් දැකලා වුණු අපූරු කතාවක්.
-
971
SBS සිංහල පුවත්: ජාතික සංක්‍රමණික ස්මාරකයට අලුත් නම් එකතුවක්, මීළඟ වසර සඳහා නම් කැඳවීම දැන් විවෘතයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
970
The overlooked story: Aboriginal and Torres Strait Islander service on Anzac Day - ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සටන්බිමට ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික හමුදා සෙබළුන්ගේ අමිහිරි අත්දැකීම් ගැන තොරතුරැ මෙන්න
Each year Australians gather on Anzac Day to remember those who served in wars, conflicts and peacekeeping missions. But whose stories are we remembering? Are there stories we don’t always hear? In this episode we explore an important part of Australia’s history that has often been overlooked—the service of Aboriginal and Torres Strait Islander peoples. - ඔස්ට්‍රේලියානු ආදිවාසි ජනතාව ඔස්ට්‍රේලියානු හමුදා සමග එකතුවී හමුදා මෙහෙයුම් සඳහා තම දායකත්වය ලබාදුන් බව ඔබ දන්නවාද? නමුත් ඔවුන්ගේ සේවය සඳහා නිසි ඇගයීමක් ලැබුනේද යන්න පිළිබඳව ගැටළු පවතිනවා. මෙම කථාංගයේදී, ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය තුල බොහෝ විට නොසලකා හරින ලද ඕස්ට්‍රේලියානු ස්වදේශික හමුදා සෙබළුන්ගේ සේවය ගැන අපි කතා කරමු.
-
969
'අපි ලෝකේ කොහේ හිටියත් හදවතින්ම ලාංකිකයි' - කැන්බරා අගනුවර සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුමට එක්වූවන් දැක්වූ අදහස්
ඔස්ට්‍රේලියා අගනුවර භූමි ප්‍රදේශයේ (Australian Capital Territory ACT) කැන්බරා අගනුවර ශ්‍රී ලංකා සංවිධානය ප්රමුඛව තවත් ප්‍රජා සහ ක්‍රීඩා සංගම් රැසකගේ දායකත්වයෙන් අප්‍රේල් 18 වෙනි දා පැවැත්වුණු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට SBS සිංහල සේවයත් එක් වුණා. මේ එහිදී අප සමග අදහස් බෙදා ගත් කැන්බරා නුවර ශ්‍රී ලාංකිකයින්.
-
968
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන බැංකුව පොලී අනුපාතය ඔබේ නිවාස ණය වාරිකයට බලපාන්නෙ කොහොම ද?
ඔස්ට්‍රේලියානු මහ බැංකුව පොලී අනුපාත යළිත් වරක් ඉහළ දැමුවා. ඒ අනුව සියයට 4.1 ලෙස පැවති අනුපාතය දැන් සියයට 4.35 ක් ලෙස ඉහළ යනවා. මේ වැඩි වීම ඔබේ නිවාස ණය වාරික සඳහා බලපාන ආකාරය පිළිබඳ මූල්‍ය විශ්ලේෂණ ආයතන පල කරන පුරෝකථන පිළිබඳ දැනුවත් වන්න.
-
967
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ළමුන් සඳහා ප්‍රථම වරට නාසය හරහා ලබා දිය හැකි ඉන්ෆ්ලුවෙන්සා එන්නතක්
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
966
කාලීන විග්‍රහය: වික්ටෝරියා ප්‍රාන්තයේ Bushmaster හදන්න, ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන ගණනක් වෙන් කරයි
ඕස්ට්‍රේලියානු රජය ආරක්ෂක වියදම් සඳහා ඩොලර් බිලියන 1.2 ක් ලබාදෙන බව පවසයි. මේ ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි නව Bushmaster ආරක්ෂිත වාහන 268 ක් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 750 ක් යොදවා තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
965
'BTS නව ගීත ඇල්බමය සංස්කෘතික මූලයන් සොයා යනවා', ඕස්ට්‍රේලියාවේ සිට දකුණු කොරියාව බලා ගිය රසික ගමනක්
කොරියානු පොප් සංගීතය (K-Pop) ලොව පුරා රසික උන්මාදයක් ඇති කළ ගීත කලාවක්. මේ කොරියානු ගායක ගායිකාවන් අතරේ මේ වන විට ජනප්‍රියත්වයේ ඉහළින් ම වැජඹෙන්නේ BTS සංගීත කණ්ඩායමයි. ඔවුන්ගේ නව ගීත ඇල්බමය Arirang. දකුණු කොරියාවේ සිය හමුදා සේවය නිම කිරීමෙන් අනතුරුව මේ කණ්ඩායම් සාමාජිකයන් සත් දෙනා පළමු වරට නිකුත් කළ ගීත එකතුවයි මේ. ඒත් සමඟ ම ඔවුන් ලොව වටා සිදු කරන සංගීත ප්‍රසංග මාලාව දැන් අරඹා තිබෙනවා. මේ ගීතමය සංචාරය ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ 2027 පෙබරවාරියේ. නමුත් මේ වෙනකොට දකුණු කොරියාවේ ප්‍රසංග වාර කිහිපයක් ම පැවැත්වුණා. ඒ එක් ප්‍රසංග අත්දැකීමක් විඳගත් මිතුරියක් SBS සිංහල සේවය සමඟ කතාබහ කළා. ඕස්ට්‍රේලියාවේ සිය අධ්‍යාපන කටයුතුවල නිරත වන අතරේ ඇය පසුගිය මස දකුණු කොරියාව බලා පිටත් වුණේ BTS WORLD TOUR 'ARIRANG' වෙනුවෙන්.
-
964
තමිල්නාඩු මහ ඇමති පුටුවට එන ‘තලපති විජේ’ කච්චතිව් ආපහු ඉන්දියාවට පවරා ගනීවි ද?
ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් දෙමළ සිනමාවේ ජනකාන්ත නළු සී. ජෝසප් විජේ නැතහොත් තලපති විජේ විශිෂ්ට ජයක් ලබා ගෙන තිබෙනවා. විජේගේ මැතිවරණ පොරොන්දුවල ඉහළින්ම තිබූ කරුණක් වූයේ කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනිමයි. මේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ SBS සිංහල ගෙන එන කෙටි විශේෂාංගයක්.
-
963
SBS සිංහල පුවත්: පොලී අනුපාත ඉහල දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මහබැංකුව අද රැස්වේ
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
962
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ සමාජ සහජීවනත්වයේ ගැටළු සොයාබැලීමට පත්කළ කමිටුවෙන් නිර්දේශ 14ක් යෝජනා කරයි
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ බෝන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමෙන් යුදෙව් ජනතාව පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියාවම දැඩි කම්පනයකට පත් වුනා. මේ සිදුවීමෙන් අනතුරුව සමාජ සහජීවනය සහ යුදෙව් විරෝධය පිළිබඳව සොයා බැලීමට පත්කළ 'Royal Commission' කමිටුවේ ප්‍රථම වාර්තාව ඉදිරිපත් වී තිබෙනවා. සමාජ සහජීවනයට විශාල තර්ජනයක් හෝ හදිසි ක්‍රියාමාර්ග ගැනීමට තරම් අවශ්‍යතාවයක් ඇතිබවට තමන්ට පෙනෙන්නට නොමැති බව මෙම කමිටුවේ ප්‍රධාන කොමසාරිස් වර්ජිනියා බෙල් පවසනවා. කෙසේ උවත් එම කමිටුව නිර්දේශ 14ක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික වශයෙන් ක්‍රියාත්මක ගිනිඅවි නියාමනය පිලිබද ක්‍රමවේදයක් සඳහා වන යෝජනාද මෙයට ඇතුලත් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
961
ඉන්ධන අර්බුදයෙන් පස්සෙ ඔස්ට්‍රේලියාවට ආහාර අර්බුදයකුත් ඒවිද? - ආචාර්ය තිලක් මල්ලවාරච්චි සිදු කරන පැහැදිලි කිරීම
පවතින ගෝලීය ප්රවණතා හමුවේ ඔස්ට්‍රේලියාව තුල ආහාර සුරක්ෂිතතාව කොතරම් දුරට සහතික ද? SBS සිංහල සේවය මේ පිළිබඳ කෘෂි ආර්ථිකය හා ප්‍රතිපත්ති සැකසුම් පිළිබඳ විශේෂඥ, ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය තිලක් මල්ලවාරච්චි මහතාගෙන් විමසා සිටියා.
-
960
ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීමේ ලැයිස්තුවේ හතර වෙනි තැන ශ්‍රී ලංකාවට
ඕස්ට්‍රේලියාවට අයැදුම් කරන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර වීසා අයැදුම් පත් ප්‍රතික්ෂේප වීමේ ලැයිස්තුවේ හතර වෙනි තැනට ශ්‍රී ලාංකීය අයැදුම්කරුවන් පත්ව සිටිනවා. මේ SBS සිංහල ඒ පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්.
-
959
මව්බිමෙන් පුවත්: මහින්ද රාජපක්ෂගෙන් කටඋත්තර ගන්න කෙනෙක්ව බය කරලා ප්‍රකාශ ලියවා ගන්න තැනට වැටිලා - නාමල් / අපිට ඕන මෙවැනි හැකර් සිදුවීම් යළි ඇති නොවන තැනට වැඩ කරන්න - ඇමති නලින්ද
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
-
958
SBS සිංහල පුවත්: ඉන්ධන සැපයුම් අතින් ඕස්ට්‍රේලියාව ශක්තිමත් ස්ථාවරයක පසු වන බව බලශක්ති ඇමති කියයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
957
ඕස්ට්‍රේලියාවේ News Bargaining Code අලුත්ම වෙනස, 'ජනමාධ්‍ය යනු ඕස්ට්‍රේලියානු සමාජය නිර්වචනය කරන්නක්' -අගමැති
ඔබ අද දවසේ ප්රවෘත්ති ගැන දැනුවත් වෙන්නේ කොහොමද? රූපවාහිනී, ගුවන්විදුලි, සහ පුවත්පත් වැනි සාම්ප්‍රදායික මාධ්‍යයන් ඔස්සේ ද? නැත්නම් ඇඟිලි තුඩක දුරින් තිබෙන සමාජ මාධ්‍ය ඔස්සේ ද? ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් නව නීති කෙටුම්පතක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු පුවත් සමාජ මාධ්‍යයන්ගේ පළ වනවා නම් ඒ වෙනුවෙන් වැඩි මුදලක් ගෙවන්න සමාජ මාධ්‍ය ආයතනවලට සිදු වේවි. නමුත් ජනමාධ්‍ය ආයතන සමඟ කුමනාකාරයේ හෝ ගිවිසුමකට එළඹිලා ඇත්නම් එවැනි මුදලක් ගෙවීම අවශ්‍ය නැහැ. මේ නව කෙටුම්පත පිළිබඳවයි අද දවසේ විශේෂාංගය.
-
956
ඕස්ට්‍රේලියාවේ අනිත් Rental application වලට වඩා හොඳ අයදුම්පතක් හදල, ගේ ඉක්මනට ගන්න මේ දේවල් දැනගන්න
ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තමාට කුලී නිවසක් සෙවීමේදී සලකා බැලිය යුතු දෑ සහ ඔවුන් කුලී නිවසකට අයදුම් කිරීමේදී තරඟකාරීව කටයුතු කලයුතු අයුරු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
-
955
පුරවැසි අයිතීන් නොලැබුනත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් යුධ වැදි ඔස්ට්‍රේලියානු ස්වදේශික සොල්දාදුවන් පිලිබඳ කතාව
පළමු ලෝක යුධ සමයේ සිට ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සමග එක්ව හමුදා සේවයේ නිරත වී තිබෙනවා. අතීතයේදී ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන්ගේ අයිතීන් පිළිගැනීමට ඔස්ට්‍රේලියානු රජයන් කටයුතු නොකලත් ඔවුන් මේ ආකාරයට තම දායකත්වය ආරක්ෂක අංශ වෙත ලබා දී තිබෙනවා. තම පවුලේ සාමාජිකයින් හමුදා සේවයේ නිරතවීම ගැන මයිකල් බෙල් නම් වූ ස්වදේශික කාන්තාව සමග SBS මාධ්‍ය ආයතනයේ NITV නාලිකාවේ කෙරී ලී බැරී (Kerri-Lee Barry) සාකච්ඡාවක් පැවැත් වුවා. මේ හමුදා සෙබළුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සේවයේ නිරත උනත් ඔවුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි පසුව ඔවුනට නිසි පිළිගැනීමක් නොලැබුණු බවට කරුණු හෙළිවනවා . මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
954
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 27 - මැයි 01
අප්‍රේල් 27වන දා සිට මැයි 01වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
-
953
ඔස්ට්‍රේලියාව පුරා වෙසක් සැමරුම් පැවැත්වෙන්නෙ මෙහෙමයි!
ඔස්ට්‍රේලියාව තුල මෙවර වෙසක් නිල සැමරුම් මැයි 01 වෙනි දා ට යෙදී තිබුණා. ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජයේ බහු සංස්කෘතික අමාත්‍යවරිය, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා, විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව මෙන්ම පාලක කම්කරු පක්ෂයේ නිල මුහුණුපොත ගිණුම් ඔස්සේ වෙසක් සැමරුමට සුබ පැතුම් එක් කර තිබුණා. SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය බෞද්ධ වෙහෙර විහාරස්ථාන වල සංවිධාන වන වෙසක් සැමරුම් පිළිබඳ සැකසූ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.
-
952
තරුෂි එක්ක තරු කතා: මම පැරෂුට් නළුවෙක් - බුද්ධික ජයරත්න
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
-
951
ක්‍රීඩා විග්‍රහය: වෙනස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව / ඔලිම්පික් මුල් පුටුව අසංග සෙනෙවිරත්නට / රුමේෂ් සහ නිපුනි රනින් දිනයි
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
Loading similar podcasts...