P1.  අම්මි - ඇය - Ammi - She - 22 Oct 2022 episode artwork

EPISODE · Oct 22, 2022 · 5 MIN

P1. අම්මි - ඇය - Ammi - She - 22 Oct 2022

from Songs of Liberation - Sri Lanka · host Lionel Bopage

Written in Dec 2021 and Recorded in May 2022 Vocals - Lionel Bopage Lyrics - Lionel Bopage Music composition - Ananda Waidyasekara Music: Ananda Waidyasekara After Chitra and I got together, she had to face many problems. She was a Catholic nun before our marriage. Hence, she had many opportunities to lead a comfortable life in the church. I resigned from the JVP in 1984, and it was solely a decision of mine. Chitra knew nothing about it. The propaganda claimed it was a conspiracy implemented by Chitra in accordance with a church plan. Some criticized, attacked, and hated her. Even though we didn't have much, she stood up and faced all the problems. Initially, even her own relatives did not wish to help her because she got together with me. However, she did everything that needed to be done by standing up for me against the repressive activities the regime had launched against me and the JVP, while attending to family duties all alone. By composing these lyrics, I meant to appreciate her splendid life work. ------------------ අම්මි - ඇය 2021 දෙසැම්බර 18 වනදා වැටෙන වැටෙන හැම විටෙකම එසවූයේ ඈ සිනාසෙමින් - ඉවසිල්ලෙන් අස්වැසුවේ ඈ තනියෙන් වුව ජීවිතයේ පොර බැදුවේ ඈ සතුටු කඳුළු ධන සම්පත ඒ සියල්ල ඈ රුදු තරංග තරණය කොට අප එක් වූවත් අත ගන්නට ඇති බාධක අප ජය ගත්තත් ලොවම අපට එරෙහි වන්නෙ ඒ නිසා වුවත් ජීවිතයම ඉරි තලයිද අප තනි වුවහොත්? කළු දවසක හිරුගෙ එලිය ලැබෙන්නෙ ඇයගෙන් ශීතයේදි උණුසුම මා ලබන්නෙ ඇයගෙන් නිල් අහසයි මා දකින්නෙ ඇගෙ දෙනෙත්වලින් ඇය සවියකි මා නොහරින දිවි කඳුළු මතින් ධන සම්පත් රැස් බලයන් අප සතුව නැතත් ඒ සියල්ල මට නොඅඩුව ඇයගෙන් ලැබුනත් අනියත දිවියේ සවි - යුග දිවියෙන් ලැබුනත් තනි වෙන්නට නොහැක ලොවක ඇය නොසිටියහොත් අහසේ තරු බැබලෙන්නේ ඇය වෙනුවෙන්දෝ අකලට වියැකෙන දිවියට මහ වැස්සක්දෝ අසුබ දිනෙක මා වෙත ආ සුබ පැතුමක් දෝ සබැඳුන් හැර ආ මොහොතේ හද පිපුනාදෝ ---------------------- Her December 18, 2021 It was she who lifted us up every time we fell. Consoled smiling and with patience, Even alone, she wrestled with life Happiness, tears, affluence, all that was her. Though we crossed rough waves and united, We overcame the barriers to be together The whole world opposes us for that Would life shatter if we became alone? On a dark day, sun light comes from her In the winter, I get warmth from her I see the blue sky through her eyes A forte she is, not leaving in life’s tears Though we possess no wealth and power Though I got all that no less from her. Get the vigour of transient life from our partnership Can't be left alone in a world without her Are the stars in the sky shining for her? A heavy rain on a life that prematurely fades A greeting that came to me on an inauspicious day Did your heart swell the moment you left your siblings? ------------------------------------------------- චිත්‍රා සහ මා එකට එක් වූ දා සිට ඇයට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වුනා. අපේ විවාහයට පෙර ඇය කතෝලික පූජකවරියක් ව සිටි නිසා ඇයට පල්ලියේ සුවපහසු ජීවිතයක් ගත කිරීමට බොහෝ අවස්ථාවන් තිබුනා. 1984 දී මම පක්ෂයෙන් ඉල්ලා අස් වුනා. නමුත් එය තනිකරම මගේ තීරණයක්. චිත්‍රා ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ. කෙසේ වෙතත්, එය පල්ලියේ සැලසුමකට අනුව චිත්‍රා විසින් ක්‍රියාත්මක කරන ලද කුමන්ත්‍රණයක් බවට ප්‍රචාරය කරන ලද අතර, ඇයට වාග් ප්‍රහාරවලටත්, විවේචනය කිරීමටත්, ඇතැම් දෙනාගේ වෛරයටත් ලක් වෙන්නට සිදු වුනා. අපට වැඩි යමක් නොතිබුනත් ඇය හැම ප්‍රශ්නයකටම වගේ තනිවම මුහුණ දුන්නා. ඇය මා සමඟ එකතු වූ බැවින් මුලදී ඇයගේම ඥාතීන් පවා ඇයට උදව් කිරීමට කැමැති වුනේ නැහැ. කෙසේ වෙතත්, ඇය එසේ කටයුතු කරන අතරේ, මට සහ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව රජය විසින් දියත් කරන ලද මර්දන කටයුතුවලට එරෙහිව පෙනී සිටිමින් කළ හැකි හැම දෙයක්ම කළා. ඇයගේ ජීවිතය තුළ ඇය කළ විශිෂ්ට කාර්යය අගය කිරීමක්, මෙම ගේය පද රචනයෙන් මා අදහස් කලේ.

Episode metadata supplied by the publisher feed · Published Oct 22, 2022

Embed this episode

Ready to play

P1. අම්මි - ඇය - Ammi - She - 22 Oct 2022

0:00 5:37

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of Songs of Liberation - Sri Lanka?

This episode is 5 minutes long.

When was this Songs of Liberation - Sri Lanka episode published?

This episode was published on October 22, 2022.

Can I download this Songs of Liberation - Sri Lanka episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!