PODCAST · news
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
by SBS
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
-
1000
1882 දී ඩෙවන්ෂයර් නැවෙන් ඔස්ට්රේලියාවට ආපු ලාංකික මුල් සංක්රමණික කලු අප්පු, බාමිස් සිංඤෝ, සාරා සොයා ගිය සිදත් චන්ද්රසේනගේ ගවේෂණය
ඔස්ට්රේලියාවට මහා පරිමාණයෙන් සංක්රමණය වූ මුල් ම ලාංකිකයින් ගැන තොරතුරු ගවේෂණය කළ සිදත් චන්ද්රසේන සමග කල පිළිසඳර. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්රේලියා ප්රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.#sbsaudiopodcast
-
999
'ඔස්ට්රේලියාවේ සාහිත්ය කේෂ්ත්රයට ලාංකීය සලකුණු සහිත කෘති දායාද කරන්න ලැබීම මම ලබපු ඉහළම ජයග්රහණයක්' - අයේෂා ඉනූන්
ශ්රී ලාංකික පසුබිමක් සහිත හිටපු මාධ්යවේදිනී අයේෂා ඉනූන් ඔස්ට්රේලියාවේ දී නවකතා කතුවරියක් ලෙස සාහිත්යකරණයට පිවිසීම සහ එම ගමන්මගේ දුෂ්කරතා, අභියෝග හා ඇගේ නවකතා සම්මානයට පාත්ර වීම ආදී අත්දැකීම් පිළිබඳ SBS සිංහල සමඟ ඇය බෙදා ගත් අදහස් වලට සවන් දෙන්න.#sbsaudiopodcast #sbssinhala
-
998
ආර්ථික විමසුම: ඕස්ට්රේලියාවේ ඉඳලා ලංකාවට මුදල් යවන නිවැරදි විදිය මොකක්ද ?
ඔස්ට්රේලියාවේ ආර්ථික සහ මූල්ය කේෂ්ත්රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඔස්ට්රේලියාවේ සිට මුදල් ප්රේෂණ සිදු කිරීමේ නිවැරදි ක්රමවේද පිළිබඳවයි.#sbsaudiopodcast #sbssinhala
-
997
නිවාස මිල පහළ යාම ඔස්ට්රේලියාව ආර්ථික අවපාතයකට ගෙන යයිද?
ඔස්ට්රේලියාවේ නිවාස මිල දැන් පහළ යමින් තිබෙනවා. නිවසක් මිලදී ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට නම් ඒක හොඳ ආරංචියක් වගේ පෙනෙන්නට පුළුවන්. නමුත් මේ මිල පහළ යාම දීර්ඝකාලීනව සිදු උවහොත්, එය නිවාස වෙළෙඳපොළට පමණක් නොව සමස්ථ ඔස්ට්රේලියානු ආර්ථිකයටම බලපෑම් කල හැකි බවට පුරෝකථන ඉදිරිපත් වනවා. මේ හේතුවෙන් නිවාස මිල පහළ යාම හරහා ඔස්ට්රේලියාව ආර්ථික අවපාතයකට යන්න පුළුවන්ද? මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳව තොරතරු විමසා බලමු.
-
996
SBS සිංහල පුවත්: මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඔස්ට්රේලියාවේ ඉන්ධන සහ ජීවන වියදම් තවත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
-
995
කාලීන: මෙම වසන්තයේදී සෘතුමය රෝග ගැන ඔබ දැනගත යුතුම දේවල්
ඕස්ට්රේලියාව මේ වනවිට වසන්ත සමයට අවතීර්ණ වෙමින් සිටින අතර මේ නිසා seasonal illnesses හෙවත් සෘතුමය රෝග සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා ආරක්ෂාකාරීව සිටින ලෙස විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙවර කාලීන විග්රහය ඒ පිළිබඳවයි.
-
994
අවුරුදු පතා වැළඳෙන විවිධ influenza රෝග ප්රභේද වලින් දරුවන් සහ වැඩිහිටියන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද?
පසුගිය මාස වල දී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් ඔස්ට්රේලියාව පුරාම වාර්තා වුනා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත වෛද්ය නිර්මලා ගොඩවිතාරණ සමඟ සිදු කල සාකච්ඡාවක් ඇසුරෙන් සම්පාදනය කල වැඩසටහනක්.#sbsaudiopodcast #sbssinhala
-
993
නීති පිළිසරණ: ලංකාවේ රියදුරු බලපත්රයෙන් ඔස්ට්රේලියාවේ කොතරම් කාලයක් රිය පදවන්න පුළුවන් ද? වාහන modify කරන්න අවසර තියෙනවා ද? මොනවා ද මේ penalty units?
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ අටවෙනි සහ අවසාන වැඩසටහන.#sbsaudiopodcast #sbssinhala
-
992
ලොව ප්රධාන පෙළේ තාක්ෂණික බලවතුන් අමනාප කරමින් ඕස්ට්රේලියාවේ ATO එකෙන් තීරණයක්
ඕස්ට්රේලියාව ඇපල්, ගූගල්, මයික්රොසොෆ්ට් සහ ඇමේසන් වැනි තාක්ෂණික දැවන්තයින්ට බදු අයකිරීම සිද්ධ කරන අතර ඕස්ට්රේලියානු බදු දෙපාර්තමේන්තු තීරණ ගැන ප්රධාන පෙළේ තාක්ෂණික සමාගම් මේ වනවිට එතරම් කැමැත්තක් නොදක්වන බවට වාර්තා වේ.මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
-
991
දෙමව්පිය සෞඛ්ය රක්ෂණාවරණය ආශ්රිතව මෙල්බර්න්වලින් ඇසෙන කතාවක්, 'ඕස්ට්රේලියාවට මග' සමූහයේ වරුණ සෙනවිරත්න
ඕස්ට්රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ගේ සෞඛ්ය රක්ෂණාවරණය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි? 'ඕස්ට්රේලියාවට මග' ෆේස්බුක් සමූහයේ ඇඩ්මින් කෙනෙකු ලෙස කටයුතු කරන වරුණ සෙනවිරත්න ඔහුගේ දෙමව්පියන් මුහුණ දුන් පෞද්ගලික අත්දැකීමක් SBS සිංහල සේවය සමඟ බෙදා ගත්තේ මේ ලෙසින්.#sbsaudiopodcast
-
990
SBS සිංහල පුවත්: යෝජිත 'One Nation' පක්ෂ ශිෂ්ය වීසා කප්පාදුවෙන් ඔස්ට්රේලියාවට ඩොලර් බිලියන 53ක ආර්ථික පාඩුවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
989
ඔස්ට්රේලියාවේ 'Social Media' නීති තද වෙයිද? ඒවා ජනතා නිදහස සීමා කරයිද?
ඔබ 'Facebook', 'Instagram' හෝ 'TikTok' හරහා වැඩසටහන් නැරඹීමේදී ඒ සමාජ මාධ්ය ජාලා ඔබට පෙන්වන්නේ මොනවාද කියලා තීරණය කරන්නේ ඇත්තටම ඔබද? නැත්නම් ඒ අදාළ සමාජමාධ්ය ජාලයේ ඇති 'algorithm' එකද? දැන් ඔස්ට්රේලියානු රජය ගෙන එන්න සූදානම් වන 'Digital Duty of Care' නව නීති යෝජනාවෙන්, social media සමාගම් අපට පෙන්වන වැඩසටහන් 'content' සම්බන්ධයෙන් විශාල වෙනසක් කරන්න යෝජනා කර තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් විපක්ෂය තම විරෝධය පලකරලා තියෙනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
988
අපේ ඇස් ගැන මේ දේවල් නොසලකා හැරියොත්, පැය කීපයකින් පවා අපේ පෙනීම අහිමි වෙන්න පුළුවන්, හරිම විස්තරේ මෙන්න
අපගේ ඇස් සම්බන්ධයෙන් කිසිවිටෙකත් නොසලකා නොහැරිය යුතු අනතුරු ඇඟවීම් සංඥා පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න
-
987
SBS සිංහල WorldWatch: ලෝක දේශපාලනයේ මීළඟ දිශානතිය තීරණය කරන්නේ BRICS ද?
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.#sbsaudiopodcast #sbssinhala
-
986
‘Superannuation’ මුදල් කලින් ලබාගැනීමට ඉඩ සැලසීමට One Nation පක්ෂය ගෙනා යෝජනාව ගැන ඔබ දැනුවත්ද?
ඔබේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවාගන්න අමාරු නම්, ඔබේ විශ්රාම කාලය වෙනුවෙන් එකතු වන ඔබේ Superannuation මුදල්වලින් කොටසක් දැන්ම ලබාගන්න කැමතිද? One Nation පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අලුත් යෝජනාවකින් කියන්නේ, වසර තුනක් දක්වා ඔබේ අනාගත Superannuation මුදල් වලින් කොටසක් කෙළින්ම ඔබේ අතට ලබාදිය යුතු බවයි. මේ යෝජනාව ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
985
SBS සිංහල පුවත්: 750,000කට වැඩියෙන් සංක්රමණය අඩු කරන වන් නේෂන් සැලැස්ම එළිදකියි
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast
-
984
කාලීන විග්රහය: විශ්වයේ රහස් සොයමින් නැන්සි ග්රේස් රෝමන් දුරේක්ෂය අභ්යවකාශයට
අපි මේ විශ්වයේ තනි වෙලා ද? ඒ පැනයට පිළිතුරු සෙවීමේ තවත් පියවරක් නාසා ආයතනය ඉදිරියට තබා අවසන්. ඒ නව අභ්යවකාශ දුරේක්ෂයක් දියත් කිරීමත් සමඟින්. මෙවර කාලීන විග්රහය ඒ පිළිබඳවයි.#sbsaudiopodcast
-
983
ක්වීන්ස්ලන්ත සැරිසර: පළමු වැනි QCE සිංහල විභාගයට සූදානම් වන සිසුන්, Gladstone හි ඔනෙලි, නිකිණි හා නිතිකගේ අත්දැකීම් සහ 'සරලාංග 2026' ගැන මෙවර විශේෂාංගයෙන්
ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.#sbsaudiopodcast
-
982
කැන්බරා අඬහැරේ: The Canberra Times හොඳම ණය තැරැව්කරුවන් අතරට තේරුණු දේවා, ස්වතන්ත්ර ගීයක මිහිර ගෙනෙන රිතිනි සහ අගනුවර ඉතිහාසය මෙවර විශේෂාංගයෙන්
ඕස්ට්රේලියානු අගනුවර භූමියේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය.#sbsaudiopodcast
-
981
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 07 - සැප් 11
සැප්තැම්බර් 07වන දා සිට සැප්තැම්බර් 11වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.#sbsaudiopodcast
-
980
තරුෂි එක්ක තරු කතා: මම විශේෂ විදිහට ජීවත්වෙන කෙනෙක් නෙවෙයි සාමාන්ය විදිහට කාලා බීලා හිනාවෙලා ඉන්න කැමති කෙනෙක් - පබෝදා සන්දීපනී
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.#sbsaudiopodcast
-
979
ක්රීඩා විග්රහය: 'උප නායකත්වය ඉවත් කිරීම ගැන තේරීම් කමිටුවෙන් අහන්න' - කමිදු / තේරීම් ගැන ඇමතිගේ නොසතුට / රුමේෂ් තරංග යුරෝපා කිරුළට අතේ දුරින්
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.#sbsaudiopodcast
-
978
ඕස්ට්රේලියාවේ දී ජීවිතය කවිකම් කළ යසසි මල්මීවල, 'Coming of Age' එළිදැක්වීම මේ සතිඅන්තයේ
ලේඛිකා යසසි මල්මීවලගේ කුළුඳුල් කෘතිය 'Coming of Age', ඕස්ට්රේලියාවේ දී එළිදැක්වීම සැප්තැම්බර් 13වන ඉරිදා සිඩ්නි සිංහල සංස්කෘතික කේන්ද්ර පරිශ්රයේ දී පැවැත්වෙනවා. ඒ පිළිබඳ යසසි දැක් වූ අදහස්වලට ඔබත් සවන් දෙන්න.#sbsaudiopodcast
-
977
SBS සිංහල පුවත්: සමාජ මාධ්ය ඇල්ගොරිදම් අක්රිය කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන නීති කෙටුම්පත එළිදක්වයි - විපක්ෂයේත් එක්සත් ජනපදයේත් විරෝධය
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.#sbsaudiopodcast
-
976
ඔස්ට්රේලියාවත් යුද්ධයකට ඇද දැමූ ‘9/11’ ප්රහාරයට වසර 25යි
අමෙරිකාවේ සැප්තැම්බර් 11 ත්රස්ත ප්රහාරයෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් මියගොස් මේ වසරට වසර 25ක් සපිරෙනවා. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට ඔස්ට්රේලියාවත් ඇද දැමූ එම ප්රහාරයෙන් පසු ලෝකය ත්රස්තවාදයට මුහුණ දුන් ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් හිටපු අගමැති ජෝන් හොවාඩ් සහ ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ, අද පවතින තර්ජන එදාටත් වඩා සංකීර්ණ බවයි. මේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
-
975
නිවාස මිල පහළ ගියොත් ඔබේ 'Home Loan' එකට මොකද වෙන්නේ? ‘Negative Equity’ ගැන දැනගත යුතු දේ
ඔස්ට්රේලියාවේ නිවාස මිල පහළ යාම ගැන මේ දිනවල වැඩි කතාබහක් තිබෙනවා. මෙම තත්ත්වය අඩු තැන්පතුවකින් නිවසක් මිලදී ගත් කෙනෙකුට කුමන ආකාරයකට බලපාන්න පුළුවන්ද? 'Negative Equity' තත්ත්වයක් ඇති වුණොත් 'home loan' එක 'refinance' කිරීම හෝ නිවස විකිණීම වැනි දෑ සඳහා අවස්තාවක් නොමැතිද?#sbsaudiopodcast
-
974
අපේ වහරේ කතා අහුරක්: කොටි වලිගේ අල්ලා ගත්තා වගේ කියන කතාව හැදුණේ මෙන්න මෙහෙමයි
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යාළුවෝ දෙන්නෙකුයි කොටියෙකුයි පැටලුණු රස කතාවක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
-
973
SBS සිංහල පුවත්: සැප්තැම්බර් 11 සිට ඔක්තෝබර් 6 දක්වා Sydney Ferries ජාලයේ Opal යන්ත්ර අක්රිය කෙරේ
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast
-
972
ඕස්ට්රේලියාවේ පෙට්රල් හොරු වැඩි වෙලා, අධික ජීවන වියදම ලොකුම හේතුවක්
ඕස්ට්රේලියාවේ ඉහළ යන ජීවන වියදම සහ පහත වැටෙන වැටුප් හේතුවෙන් පෙට්රල් සොරකම් කිරීමේ සිදුවීම් ඉහල ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් සිදු කල නවතම අධ්යයනයකින් හෙළි වී ඇත්තේ ඉහළ යන ඉන්ධන මිලට වඩා ජීවන වියදම් පීඩනය සහ වැටුප් වර්ධනය නොවීම මෙම සොරකම් සඳහා හේතු වී ඇති බවයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
-
971
Prostate cancer in Australia: Testing, treatment and support - ඔස්ට්රේලියාවේ පිරිමින් අතර බහුල පුරස්ථි ග්රන්ථි පිළිකාව කල්තියා කොහොමද? පරීක්ෂණ, ප්රතිකාර සහ ඔස්ට්රේලියාවේදී ලැබෙන සේවා ගැන දැනුවත් වෙමු
About one in five Australian men will be diagnosed with prostate cancer in their lifetime. Understanding the prostate, your risk and the options for testing can help with early detection and treatment. In this episode of Australia Explained, learn about prostate cancer, PSA testing, treatment and support. - ඔස්ට්රේලියාවේ සෑම පිරිමින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ පුරස්ථි ග්රන්ථි පිළිකාව වැළඳීමට ඉඩ තිබෙනවා. නමුත් මේ පිළිකාවේ මුල් අවස්ථාවල බොහෝවිට කිසිදු ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. මේ නිසා තමන්ගේ අවදානම දැනගැනීම, පරීක්ෂණ ගැන වෛද්යවරයා සමඟ කතා කිරීම සහ අවශ්ය නම් කලින්ම පරීක්ෂා කරගැනීම ඉතා වැදගත්. මේ පුරස්ථි ග්රන්ථිය කියන්නේ මොකක්ද? රුධිර පරීක්ෂණයෙන් හඳුනාගත හැකි දේ මොනවාද? පුරස්ථි ග්රන්ථි පිළිකාවක් හඳුනාගත්තොත් අනිවාර්යයෙන්ම ප්රතිකාර අවශ්යද? මේ ඒ ගැන ඔබ දැනගත යුතු වැදගත් තොරතුරු.මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
-
970
හෘදයාබාධයකට ලක් වූ පියෙකු පිළිබඳ පර්ත්වලින් ඇසෙන කතාව, සෞඛ්ය රක්ෂණාවරණය ආශ්රිත ජීවන අත්දැකීමක්
උපාධි උත්සවයක්, දරු උපතක්, ඕස්ට්රේලියාවේ සංචාරයක්; මේ ඔබේ දෙමව්පියන්ගේ ඕස්ට්රේලියානු ගමන ගැන ඔබ දකින සිහින අතරින් කිහිපයක්. සතුටින් පිරි කාලයක් උදෙසා වීසා 600 කාණ්ඩය යටතේ ඕස්ට්රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ට සෞඛ්ය රක්ෂණාවරණයක් අත්යවශ්ය ද? සිය දියණියගේ දරු උපතට පැමිණි පියෙකු අනපේක්ෂිත හෘදයාබාධයකට ලක් වනවා. මාමණ්ඩියගේ රෝහල්ගත කිරීම සහ ඉන් පසු මුහුණ දීමට සිදු වූ තත්ත්වය පිළිබඳ අත්දැකීම මෙලෙස අප සමඟ බෙදාගත්තේ පර්ත් නුවර වජිර ජයවර්ධන.#sbsaudiopodcast
-
969
සුව දිවිය: මෙනින්ජයිටිස් නැතිනම් මොළේ උණ රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කොහොම ද?
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන මෙනින්ජයිටිස් රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති ප්රතිශක්තිකරණ එන්නත් පිළිබඳවයි.#sbsaudiopodcast
-
968
ඕස්ට්රේලියාවේ ජාතික ධජයට ගිනි තැබීම ෆෙඩරල් වරදක් කිරීමේ ලිබරල් සන්ධාන යෝජනාව
ඕස්ට්රේලියාවේ ජාතික ධජය පිළිස්සීම ෆෙඩරල් වරදක් කිරීමේ නව යෝජනා මාලාවක් ලිබරල් සන්ධානය යෝජනා කරනවා. එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කෙරෙනු ඇති. ජාතික ධජය මෙන් ම යුද ස්මාරක ඇතුළු ඕස්ට්රේලියාවේ ඉතිහාසය විද්යමාන කරන සැමරුම්වලට හානි පැමිණවීමට එරෙහි නීති ද මෙම යෝජනාවට ඇතුළත්.
-
967
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ 'regional' ප්රදේශ වලට සංක්රමණිකයින් ගැනීම ඉහල දමන්නැයි ඉල්ලීම්
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 09වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast
-
966
කාලීන: ආයු කාලය කෙටි කරන Motor Neurone Disease වැළඳීමේ අවදානම, ජීවත් වන ප්රදේශය අනුව වෙනස් වන බව හෙළි වෙයි
ඕස්ට්රේලියාව තුළ සිදුවන රිය අනතුරු මරණ සංඛ්යාවෙන් තුනෙන් දෙකකට සමාන වාර්ෂික මරණ සංඛ්යාවක් වාර්තා කරන Motor Neurone Disease හෙවත් MND තත්වය පිළිබඳවයි මෙවර කාලීන විග්රහය.
-
965
සැප්තැම්බර් සාහිත්ය මාසය වෙනුවෙන් සිඩ්නි නුවර දී එළිදකින පොත් තුනක්
සාහිත්ය මාසය වෙනුවෙන් නිව්සවුත් වේල්ස් ප්රාන්ත සිංහල සංස්කෘතික හමුව යටතේ ක්රියාත්මක සිංහල ලේඛක සංසදයේ සහයෝගයෙන් සිඩ්නි නුවර දී එළිදැක්වෙන ග්රන්ථ තුනක් පිළිබඳ එම සංසදයේ සභාපති නිහාල් එම් රූපසිංහ මහතා SBS සිංහල සේවය වෙත දැක් වූ අදහස්.#sbsaudiopodcast
-
964
නීති පිළිසරණ: ඔස්ට්රේලියාවේ දී ලියාපදිංචි නොකල වාහනයක් පදවන්න පුළුවන් ද? රියදුරු බලපත්රයක් දරන්න පුළුවන් උපරිම වයසක් තියෙනවා ද?
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ හත්වැනි වැඩසටහන.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
-
963
ඕස්ට්රේලියාවේ සිඩ්නි කාන්තාවක් හතු මිනී පෙට්ටියක අවසන් ගමන් යයි
ඕස්ට්රේලියානු කාන්තාවක් ඉතිහාසයේ පළමු වරට හතු වලින් සෑදූ මිනී පෙට්ටියක අවසන් ගමන් ගොස් තිබේ. මෙම මිනී පෙට්ටි, දිලීර ජාල සහ හෙම්ප් භාවිතයෙන් දින හතක් වැනි ඉතා කෙටි කාලයකින් නිර්මාණය කෙරෙන අතර මෙය සම්පුර්ණයෙන්ම පස් බවට පත් වීමට ගත වන්නේ දින 45ක් වැනි කාලයක්. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
-
962
SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ පළපුරුදු වෘත්තීය කාර්මිකයන් සඳහා නොමිලේ වෘත්තීය සුදුසුකම් වැඩසටහනක්
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
961
මත්ද්රව්ය භාවිතයට පෙර ඒවා පරීක්ෂා කරන ‘Pill Testing’ සේවාව පුළුල් කිරීමට NSW රජය සූදානම්
'Pill testing' හෙවත් මත් පෙතිවල අඩංගු දේ පරීක්ෂා කර එහි තිබෙන ද්රව්ය මොනවාද කියලා සොයා බලා, ඒ පිළිබඳ තොරතුරු ලබා දීම ඕස්ට්රේලියාව තුල සිදු වනවා. සංගීත සැණකෙළි සඳහා ඇතැම් පිරිස් නීත්යානුකූල නොවන විවිධ මත්ද්රව්ය රැගෙන ඒමටත් ඒවා භාවිතා කිරීමටත් කටයුතු කරනවා. මේ මත්ද්රව්ය වල අඩංගු දෑ පිළිබඳව මේවා භාවිතා කරන අයට ඇති අවබෝධය අඩු වීම ප්රධාන ගැටළුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙවැනි අවස්ථා අවම කිරීමේ එක පියවරක් ලෙස මේ මත් පෙති භාවිතාවට පෙර ඒවා පරීක්ෂා කිරීමේ සේවා මෙවැනි ස්ථාන වල පවත්වාගෙන යන්න බලධාරීන් කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් NSW රජය ගත් නවතම තීරණයක් ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
-
960
හදිසියේම මාස ගණනකට අපේ ජීවිතය කෙටි කරන MND රෝගය ගැන නොදන්න තොරතුරු මෙන්න
මොළයේ සහ සුෂුම්නාවේ ස්නායු වලට හානි සිදු කරන Motor neurons disease හෙවත් MND තත්වය සම්බන්ධයන් වන සාකච්ඡාවට සවන් දෙන්න
-
959
මෙතෙක් නොමිලේ ලබාදුන් COVID එන්නත අවසන්, ඔක්තෝබර් 1 සිට ඕස්ට්රේලියානුවන්ට තවත් අලුත් වියදමක්
ඕස්ට්රේලියානුවන්ට ළඟදීම, මේ දක්වා නොමිලයේ ලබාදුන් COVID-19 එන්නතට මුදලක් ගෙවීමට සිදු වන බව වාර්තා වේ. මේ අනුව ඔක්තෝබර් 1 වන දින සිට ක්රියාත්මක වීමට නියමිත වෙනස්කම් හේතුවෙන් ඇතැම් ඕස්ට්රේලියානුවන්ට නව සෞඛ්ය වියදමකට මුහුණ දීමට සිදුවේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
-
958
ඕස්ට්රේලියාවේ රථවාහන වෙළෙඳපොළෙන් නව වාර්තාවක්
අගෝස්තු මාසයේ ඕස්ට්රේලියාවේ රථවාහන අලෙවියේ වාර්තාගත වෙනසක් දක්නට ලැබෙනවා. මේ කෙටි විස්තරය ඒ පිළිබඳවයි.
-
957
SBS සිංහල පුවත්: සමාජ මාධ්ය ඇල්ගොරිතමවලින් ඉවත් වීමට පරිශීලකයන්ට අවස්ථාව සලසන නව කෙටුම්පතක් ඉදිරි දෙසතියේ
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
-
956
පියවරුන්ගේ දිනය: වික්ටෝරියා ප්රාන්තයේ ඉතිහාසය වෙනස් කළ ෂෝන් රෙස්නික්
ශ්රී ලංකාවේ පියවරුන්ගේ දිනය ජූනි මාසයේ සැමරුවා. ඕස්ට්රේලියාවට ඒ දිනය උදා වෙන්නේ සැප්තැම්බරයේ වසන්ත සමයත් සමඟින්. අපි පීතෘත්වය පිළිබඳ විවිධ කතා අසනවා. අපේ අත්දැකීම් බෙදාගන්නවා. මේ කතාන්දර එකිනෙකට වෙනස්. පියෙකු වීමේ මාවතත් මේ සමඟ ම වෙනස් විය හැකියි. වික්ටෝරියා ප්රාන්තයේ ඉතිහාසය වෙනස් කරමින් ආදරණිය පියෙකු වූ ඕස්ට්රේලියානුවකු පිළිබඳවයි මේ විශේෂාංගය.
-
955
ඇසිදිසි ඇඩිලේඩ්: පාපැදියට කඳු තරණයට පෙම් බැඳි වෙදදුරු සරත්, අලි කතන්දරයක් කියන බුද්ධිමා සහ නෙත්මි සමඟ රාජකීය ඇඩිලේඩ් දැක්මේ තොරතුරු මෙවර විශේෂාංගයෙන්
දකුණු ඔස්ට්රේලියා ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
-
954
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝ 31 - සැප් 04
අගෝස්තු 31වන දා සිට සැප්තැම්බර් 04වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
-
953
තරුෂි එක්ක තරු කතා: රියැලිටි තරගයෙන් ඉවත් වෙනකොටම මට ආපු ආරාධනාව ගැන හිතා ගන්නත් බැරි වුනා - සියුමිණි ඔපයන්ගි
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
-
952
ක්රීඩා විග්රහය: හැට්රික් චමරි / ශ්රී ලංකාවට ICC කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරකත්වය අහිමි වුනේ ඇයි? / රුමේෂ් තරංගගේ දියමන්ති ලීගය
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
-
951
නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්රේලියානුවන් අතර ශ්රී ලාංකික පසුබිමක් ඇති පවුලක්
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්රේලියානුවන් අතර බටහිර සිඩ්නිහි ජීවත් වූ ශ්රී ලාංකික පසුබිමක් සහිත පවුලක්ද සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ පිළිබඳව ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
Loading similar podcasts...