Ep 57: COVIDSafe  App: දා ගම්දෝ නොගම්දෝ කියලා සිතුනා අයට! episode artwork

EPISODE · May 9, 2020 · 6 MIN

Ep 57: COVIDSafe App: දා ගම්දෝ නොගම්දෝ කියලා සිතුනා අයට!

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3zzz Radio on 3rd May Full transcript available in my blog: cyberwiparama.blogspot.com අප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත ‍යුතු බව රජය පවසනවා. සින්ගප්පුරුවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ඇප් එකකට සමානව මෙය සැලසුම් කල බවයි පැවසෙන්නෙ. මෙම ඇප් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්‍ය නැහැ නමුත් රජය පසු ගිය සතිය පුරාවට මේ වෙනුවෙන් ජනතාව උනන්දු කිරීමට විශේෂ වෙහෙසක් ගත්තා. එවැනි ඇප් එකක් හරහා ඉතා සක්‍රිය ලෙස ප්‍රජා ව්‍යාප්ති‍ය (community transmission)  හඳුනා ගත හැකි වීමෙන්, අදාල අංශවලට රෝගයට ගොදුරු වූ සහ ගොදුරු වූ අය සමීපයට පැමිනි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබෙනවා. ඇත්තටම මේ ඇප් එක වැඩ කරන්නෙ කොහොමද? ඔබ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන සිටිනවා නම් එය ඔබ අවට මීටර් 1.5 ක් සමීපයට පැමිණ විනාඩි 15ට වඩා වැඩි වෙලාවක් සිටින අයගෙන් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අය ගැන යම් සටහනක් එන්ක්‍රිප්ට් වීමක් සහිතව ගබඩා වෙනවා. මෙලෙස ගබඩා වෙන්නෙ පුද්ගලික විස්තර නොවේ, එම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත් කෙනාට අදාල ඇප් එක විතරක් දන්නා encrypted ID එකක් පමණයි. මෙලෙසම ඔබ ගැනද ඔබ සමීපයේ සිටි ඇප් එක සහිත අනෙක් පුද්ගලයාගෙ දුරකථන‍යේ සටහන් වෙනවා. දැන් මේ විස්තර දිගටම ගබ්ඩා වී තියෙනවද?  නැහැ- දවස් 21කට වඩා පැරණි සටහන් ස්යයැංක්‍රීයව මැකී යනවා. ඒ සමඟම ඒ ඔබගේ ෆෝන් එකේ ගබ්ඩා වෙන දත්ත ෆෝන් එකෙන් වෙනත් මධ්‍යම දත්ත ගබඩාවකට  ee mohothe යන්නෙ නැහැ කියල ඔවුන් සහතික වෙනවා.   මේකෙන් කොහොමද රෝග ව්‍යාප්තිය පාලනය වෙන්නෙ? අපි හිතමු මේ ඇප් එක භාවිතා කරන මට යම් මොහොතක රෝගය වැලඳුනා කියලා. එවිට සෞඛ්‍ය නිලධරීන් මගෙන් අවසර ඉල්ලනවා මගේ ෆෝන් එකේ දත්ත ඔවුන්ගේ මධ්‍යම දත්ත ගබඩාවට ගන්න පුලුවන්ද කියලා. මම අනුමැතිය දුන්නොත්, ඒ දත්ත මධ්‍යම ගබ්ඩාවට යනවා, එහිදී පද්ධතිය විසින් මා අවට පසුගිය දින 21ක කාලය මා නිසා අවධානමට ලක් වූ ඇප් එක භාවිතා කරන අයට ඒ ගැන දැණුවත් කරනවා වහාම පරීක්ශාවකට ලක් වෙන ලෙස.  ඒ සමඟම ඔවුන්ගෙන් අවසර ඉල්ලනවා ඔවුන්ගේ දත්තත් මධ්‍යම ගබ්ඩාවට ගෙන දින 21ක කාලය තුල ඔවුන්ගේ සමීපයේ සිටි අය හඳුනා ගෙන ඒ අයටත් පරීක්ශාවට ලක් වෙන්න දැණුවත් වීම් කරන්න. මින් ඔබට පැහැදිලි ඇති ඇප් එක සාර්ථක වීමට නම් සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ ඇප් එක භාවිතා කල යුතු බව.  මෙය ලේසි පාසු කටයුත්තක් නොවන බව දැන ගෙන සිටි රජය මේ ගැන විශේෂ ප්‍රචාරයක් ලබා දුන්නා. එහි ප්‍රතිපලයක් ලෙස මුල් පැය 24 ඇතුලත වාර්තාගත ලෙස මිලියන 2 ඉක්මවූ ප්‍රමානයක් ඇප් එක ඉන්ස්ටෝල් කර ගත්තා.

Episode metadata supplied by the publisher feed · Published May 9, 2020

Embed this episode

NOW PLAYING

Ep 57: COVIDSafe App: දා ගම්දෝ නොගම්දෝ කියලා සිතුනා අයට!

0:00 6:51

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 6 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on May 9, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!