Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්? episode artwork

EPISODE · May 2, 2022 · 5 MIN

Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්?

from CYBER Wiparama · host Champike Yatagama

මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිරී ගියේ ලංකාවේ දේශපාලනික තත්ත්වය ගැන පල වෙන පෝස්ටු සහ කමෙන්ට්වලින්. ඔය අතරෙ නිතර ඇහුන සහ දැක්ක සංකල්පයක් තමා හෑශ්ටැග් කියන්නෙ. එය ලාංකික බොහෝ දෙනාට අලුත් අත්දැකීමක් වුන නිසාද කොහෙද, එහි ක්‍රියාකාරිත්වය ගැන වැටහීමකින් තොරව, උන්මාදයකින් මෙන් ඒවා භාවිතා කරනවා අපි දුටුවා; තාමත් දකිනවා. ඒ නිසා අද සයිබර් සටහනෙන් අපි කතා කරමු හෑශ්ටැග් හරි විදියට භාවිතා කරන හැටි කෙටියෙන්. මොකක්ද මේ හෑශ්ටැග් කියන්නෙ? කීබෝඩ් එකේ හෑශ් එහෙම නැත්නම් පවුන්ඩ් කියන සංකේතය ලියලා ඒකත් එක්ක වචනයක් හෝ එක දිගට ලියන වාක්ය කොටස, clickable ටැග් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නෙ ඒ වචනය හෝ වාක්ය කොටස click කලොත් එම හෑශ්ටැග් එකම තියෙන, ඒ සමාජජාලය තුල තියෙන ඕනෙම පෝස්ටුවක් එක්ක එය ගොනු ගත වෙනවා. ඒ කියන්නෙ ඔබ හෑශ්ටැග් එකක් එක්ක යමක් පල කලහොත් ඔබේ සටහන වැඩි පිරිසකට සොයා ගැනීම පහසු වෙනවා. උදාහරණයක් විදියට, ලංකාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන විදේශිකයෙක්, #VisitSriLanka හෝ #SriLankaTravel වගේ ටැග් එකක් සර්ච් කලොත්, ලංකාවේ සංචාරකයන්ට අදාල රූප, පුවත්, වීඩියෝ ආදිය ඔක්කොම එක තැනකට ඇවිත් පෙන්වනවා. සරල උපමාවකින් කිව්වොත් හෑශ්ටැග් එකක් කියන්නෙ ඩිජිටල් නූලකින් සයිබර් අවකාශෙ ඒ ටැග් එක තියෙන සියලුම පෝස්ට්, රූප ආදිය එකට ගැට ගහනවා වගේ වැඩක්. මෙයට කියන්නෙ content categorization කියලා. එහෙම එක හෑශ්ටැග් එකකට අදාල සියලුම දේ එකම තැනකට ගොනු වුනාම ඒකට කියනවා Hashtag feed එකක් කියලා. මේ නිසා හෑශ්ටැග් කියන සංකල්පෙ, එහි වැඩි පිරිසකට ලඟා වීමට තියෙන ශක්යතාවය නිසා digital marketing වල ඉතා ජනප්‍රිය අංගයක්. මෙය වැඩිපුරම භාවිතා වෙන්නෙ ට්විටර් සමාජ ජාලෙ. ඇත්තෙන්ම හෑශ්ටැග් කියන තාක්ශණයෙ උපත සිදුවෙන්නෙත් ට්විටර් වල. පසුව එය අනෙක් සමාජ ජාලා වලට පැතිරුනා.පර්යේශන වලින් හොයා ගෙන තියෙනවා, හරියට හෑශ්ටැග් භාවිතා කලොත්, ඉන්ස්ටග්‍රම් සමාජමාද්යයේ පෝස්ටුවක්, හෑශ්ටැග් නැති පෝස්ටුවකට වඩා 12% අමතර ක්‍රියාකාරිත්වයක් ලබනවා කියලා.. ඒ අතර ඉතා විශාල පිරිසක් ඒ හෑශ්ටැග් එකම භාවිතා කලොත්, එය බොහෝ දෙනෙක් දකින trending hashtag එකක් බවට පත් වෙනවා. ඒ නිසා පුලුවන් හැමෝම, හැම තැනකම තමන්ගෙ හෑශ්ටැග් එක අලවා ගෙන ගියා නම් එය විශාල පිරිසක් අතරට යවන්න පුලුවන් කියලා මේ ගැන සක්‍රිය බොහෝ දෙනා සිතා සිටින බවක් පේනවා. නමුත් සත්යය් එය නොවේ. හෑශ්ටැග් කියන දේ හරි අවබෝධයෙන් තමා පාවිච්චි කරන්න ඕනෙ. එකම හෑශ්ටැග් එක හැම තැනම කමෙන්ට් විදියට copy paste කරන අය ඔබ දැක ඇති. සමහර අය එකම හෑශ්ටැග් එක විස්ස, තිහ එකම පෝස්ට් එකේ ඇතුලත් කරලා අනෙක් අයටත් එය අලුත් පෝස්ට් විදියට copy/paste කොට එය ප්‍රචාරය කරන්න ඉල්ලා සිටිනවා. සමාජ මාධ්ය වල මේ වගේ ක්‍රියාකාරකම් හඳුනා ගන්නේ spamming විදියට. එවිට ඒවායේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය විසින් මේ වගේ පෝස්ටුවල reach එක අඩු කරනවා. තව දුරටත් මේ වැඩේ වෙනව නම් ඒ ගිනුම් බ්ලොක් කිරීමකට පවා ලක් වෙන්න පුලුවන්. Instagram සමාජ ජාලයේ මෙලෙසින් හෑශ්ටැග් අවභාවිතා කරන අයව shadowban නම් සීමා කිරීමකට ලක් කරනවා. එතනදි වෙන්නෙ ඒ දඬුවමට ලක් වුනු අයගේ පෝස්ට් පේන්නෙ එයාලගෙ followersලට විතරයි. ඉතින් කොච්චර හෑශ්ටැග් එකතු කරත් ඒකෙන් කිසි වැඩක් වෙන්නෙ නැහැ. අනෙක් සමාජ ජාලවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය එනම් ඇල්ගොරිතම් සියල්ල වැඩ කරන්නෙ මීට සමාන ආකාරයකින්. තව වැදගත් කාරනයක් තමා කමෙන්ට්වල හෑශ්ටැග් එකතු කරන්න පුලුවන් වුනාට එය මම අර මුලින් කිව්ව feed එකට ඒවා එකතු වෙන්නෙ නැහැ. ඉතින් එය පලක් නොවෙන වැඩක්. ඒ නිසා හැම කමෙන්ට් එකේම ඉවක් බවක් නැතිව හෑශ්ටැග් එකතු කරන ඔබේ මිතුරාට එහි නිශ්පල බවත්, එය නිතර කිරීමෙන් තමන්ගෙ ගිනුමට හානි විය හැකි බවත් පැහැදිලි කර දෙන්න. එසේ නම් කොහොමද නිවැරදිව හෑශ්ටැග් භාවිතා කරන්නෙ? පර්‍යේශන වලින් හොයා ගෙන තියෙනවා වඩාත්ම ප්‍රතිපලදායක උපරිමව හෑශ්ටැග් දෙකක් හෝ තුනක් එකතු කිරීම. ඊට වඩා යාමෙන් reach එක අඩුවෙනවා. එලෙස එකතු කරන හෑශ්ටැග් තියෙන පෝස්ටුව public විදියට privacy setting එක තබන්න ඕනෙ. එය මිතුරන්ට පමනක් පේන විදියට නම් දාන්නෙ, ඔබ එකතු කරන hashtag සහිත පෝස්ටුව hashtag feed එකට යන්නෙ නෑ. අනික් වැදගත් කාරනේ, උමතුවෙන් වගේ හැමෝම එකතු කරන නිසා හෑශ්ටැග් එක විතරක් එකතු කරලා වැඩක් නැහැ. නිර්මාණශීලි දෙයක්, එයට අදාල රූපයක්, වීඩියෝවක් එක්ක එය එකතු කරන්න. එහෙම නොවුනොත් මා අර මුලින් සඳහන් කල ෆීඩ් එකේ වටින පෝස්ට් පහලට ගොස් අර්ථ විරහිත, හරසුන් පෝස්ට් උඩට එනවා. මේ ඉතා කෙටියෙන් වැදගත් කාරනා කිහිපයක් පමනයි සඳහන් කලේ. මේ ගැන අන්තර්ජාලයෙන් තව කරුනු අද්‍යයනය කරන්නත් මම යෝජනා කරනවා. ඒ නිසා ඔබට පැහැදිලි ඇති මේ ගැන දැනුවත්ව මේ තාක්ශනයන් භාවිතා නොකලහොත්, අපිට වෙන්නෙ #ෆේල් වෙන්න.

Episode metadata supplied by the publisher feed · Published May 2, 2022

Embed this episode

NOW PLAYING

Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්?

0:00 5:52

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 5 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on May 2, 2022.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!