Episode 35: නිතර නිතර ෆෝන් එක චෙක් කරනවා නම් ඔබට තියෙන්නෙ අසහන‍යක්! episode artwork

EPISODE · Nov 20, 2019 · 4 MIN

Episode 35: නිතර නිතර ෆෝන් එක චෙක් කරනවා නම් ඔබට තියෙන්නෙ අසහන‍යක්!

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 25 Nov 2018 ටැබ්ලට් එකක් හෝ ස්මාට් දුරකථනයක් අතැතිව සිටින දරුවෙක් දෙස මද වේලාවක් බලා සිටින්න. එම තිරයෙන් එන ආලෝකයේ නිමග්න වෙලා තමන්ගේ දල්වා ගත් ඇස් ඉතා වේගයෙන් තිරය මත දුවමින්, ඇඟිලි තුඩු මඟින් තිරය සමඟ ගනු දෙනු කරමින් වෙනම ඩිජිටල් ලෝකයක සිරව සිටිනා ඔවුන් ගැන ඔබට කුමක්ද හිතෙන්නේ? ලැබෙන හැම මොහෙතෙම ස්මාට් දුරකථනය වෙතට එබිකම් කරනා, සමාජ ජාල හෝ වෙබ් අඩවි මත ඉහල පහල යන ඔබත්, මාත් ඒ දරුවන්ට වඩා වෙනස් වන්නේ කොපමනකින්ද? තිර මතට යොමු වුන බාල, තරුන, මහලු සැමගේ සාමාන්‍ය අවධාන කාල පරාසය (attention span) තත්පර 8ක් දක්වා අඩු වී ඇති බව ඔබ දන්නවාද? එය සත්ත්ව ලෝකයේ එම අගය අඩුවෙන් තිබූ ගෝල්ඩ්ෆිශ්ව පවා තත්පරයකින් පරාද කිරීමක්.   මෙම ඩිජිටල් ඇබ්බැහිය එක්ක එන දිගු කාලීන හානිය පර්‍යේශන මඟින් ඔප්පු කරන්නට ප්‍රමානවත් කාලයක් තාම ගෙවිලා නැහැ මොකද ඒ වෙනුවෙන් අඩු ගානෙ අවුරුදු 25කවත් විධිමත් ව එකතු කරපු දත්ත තියෙන්න ඕනේ... නමුත් ඔබ දන්නවා මේ නව ප්‍රවනතාවය, විශේෂයෙන්ම අතේ ගෙන යා හැකි ස්මාට් උපාංග දියුනුවත් සමඟ පැමිණි ාලුත් තත්ත්වය මතු වෙලා තවම අවුරුදු 10-15ක් වගේ කාලයක්. නමුත් මේ ගැන පර්‍යේශන පවත්වන ප්‍රවීනයන්ට අනුව මින් වෙන හානිකර තත්ත්ව ගැන දැනටමත් සොයා ගත් කරුණු නම් අතිශය බිය ගන්වන සුලුයි.   සිඩිනි විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය ලින් ග්‍රිබල් මහත්මිය සම්මානනීය ලේඛිකාවක් සහ මේ ක්ශේස්ත්‍රයේ ප්‍රවීනියක්. ඇය මෑතක ප්‍රසිද්ධ දේශනයකදී සඳහන් කලේ නිතර, නිතර මෙම උපාංගවලට ආසක්තව සිටීමෙන් මානසික අසහනය වැඩි වෙන බව. අපි ඇයට මොහොතකට සවන් දෙමු.   For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 35: නිතර නිතර ෆෝන් එක චෙක් කරනවා නම් ඔබට තියෙන්නෙ අසහන‍යක්!

0:00 4:15

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!