Episode 40: අද සජීව විකාශය ගෙන එන්නේ තර්ස්තවාදියෙකි! episode artwork

EPISODE · Nov 20, 2019 · 4 MIN

Episode 40: අද සජීව විකාශය ගෙන එන්නේ තර්ස්තවාදියෙකි!

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 31 Mar 2019 මාර්තු 15 වෙනි සිකුරාදා නවසීලන්ත ඉතිහාසයේ අඳුරුම දිනයක් වුනා.. ක්‍රයිස්චර්ච් නගරෙයේ මස්ජිඩ් අල් නූර් පල්ලියට සන්නද්ධව ඇතුලු වු පුද්ගලයෙක් ස්වයංක්‍රීය රය්ෆිල් යොදාගෙන පල්ලියේ යාඤා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන්ට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගත්තා.. මින් 50 දෙනෙක් ජීවිතක්ශයට පත් වූ අතර විස්සකට අධික පිරිසක් බරපතල ලෙස තුවාල ලැබුවා. මේ බිහිසුනු ප්‍රහාරය සයිබර් මාධ්‍ය භාවිතාව පැත්තෙන් ඉතා භයානක ප්‍රවනතාව‍යක් සනිටුහන් කලා. ඒ තමයි ඔහු එම සමූල ඝාතනය වෙනුවෙන් පැමිණීම සහ ඒ වෙඩි තැඹීම, හිස පැලඳි හෙල්මටයේ රඳවාතිබු Go Pro නම් ඉතා කුඩා නමුත් ප්‍රබල කැමරාවක් හරහා සජීවීව තමන්ගේ ෆේස්බුක් ගිනුමෙන් විකාශය කිරීම. ඝාතනයට සූදානමක් ලෙස 8chan forum නම් වූ වාරනයෙන් තොර  වෙබ් අවකාශයක ඉතා දීර්ඝ කරුනු දැක්වීමක් manifesto එකක් ලෙස එකතු කරමින් තමන්ගේ ෆේස්බුක් පිටුවේ යොමුවක්ද කරමින් අන්ත දක්ශිණාංශික පාර්ශ්වවලට මේ ගැන කලින්ම ඔහු ඉඟි කිරීමක් කර තිබුනා. එනිසා විනාඩි 17ක් තිස්සේ ඔහුගේ වෙඩි ප්‍රහාරය නිසා නිරායුධ අහිංසකයන් ඇද වැටෙද්දී, එය ඒ මොහොතේම ෛතා විශාල පිරිසකට දර්ශනය වුනා. ෆේස්බුක්, යූටියුබ්, ට්විටර් යන ආයතන විනාඩි 20 ඇතුලත මෙම වීඩියෝව ඉවත් කලේ නවසීලන්ත පොලිසියේ ඉල්ලිම මතයි. නමුත් පැය 24ක් ඇතුලත මෙම වීඩීයෝවෙම, විවිධ ක්‍රම හරහා ජාල ගත කිරීම් මිලියන 1.5ක් ඔවුන්ට නැවත ඉවත් කරන්නට හෝ upload ප්‍රයත්නයන් අවහිර කරන්නට   සිද්ධ වුනා. කිසිම මාධ්‍ය ආයතනයක් මෙම සංවේදී දර්ශන විකාශය නොකරන්නට වග බලා ගත්තත් එලෙසින් සයිබර් අවකාශයට එකතු කරන ලද යමක් 100% ඉවත් කරන්නට බැහැ.. එහි භාගත කරන ලද දර්ශන හෝ වීඩියෝවේ නිස්චල චායාරූප හුවමාරු වීම නැවැත්වීම අතිශය අපහසු කටයුත්තක්.       For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 40: අද සජීව විකාශය ගෙන එන්නේ තර්ස්තවාදියෙකි!

0:00 4:21

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!