EPISODE · Nov 20, 2019 · 3 MIN
Episode 41:මගෙ මව් රට ඇවිලෙන ගිනි එයින් නිවාලිය හැකි නම්...
from CYBER Wiparama · host Champike Yatagama
Broadcast on 3ZZZ radio on 28 Apr 2019 දශකයකට පස්සෙ අපේ මව් රට නැවතත් මරාගෙන මරෙන බෝම්බ බියෙන් සහ ත්‍රස්තවාදයෙන් ඇලලී ගිහින්. පාස්කු ඉරිදා දේව මෙහෙයවලට සහභාගී වූ සහෝදර කිතුනු බැතිමතුන් සහ අගනුවර සුපිරි හෝටල් කිහිපයක උදෑසන ආහාර ගනිමින් සිටි අහින්සකයන් තුන්සීයකට වඩා වැඩි පිරිසක් සිති පිත් නැති අයිසිස් ත්‍රස්තයන්ගේ ගොදුරු වුනා. මව් රටේ නොහිටියත්, ශ්‍රී ලාංකිකයන් විදියට අප සැම මේ ගෙවන නිමේශයේ ශෝකය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විශාලයි. මෙය වැලැක්විය හැකිව තිබූ ප්‍රහාර මාලාවක් බව දැන ගනිද්දි සහ අනතුර තවම පහව ගියේ නැති නිසා අපේ ආදරණීයන් තවමත් භීශණයෙන් ජීවිත බියෙන් සිටිනා වග සිහි කරද්දි අතිශය කළකිරීමක් සහ වේදනාවක් අපට දැනෙන එක නවත්තන්න බැහැ. රජය මේ මොහොත වෙන විට සමාජ ජාලා වාරණයක් ක්‍රියාත්මක කරනවා, ඒ කියන්නේ Facebook, Twitter, Whatsapp, Viber, Snapchat වැනි social media and messaging apps ලංකාව තුල ඉඳලා භාවිතා කරන්න බැරි විදියට අවහිර කරලා තියෙන්නෙ. මේකට හේතුව විදියට සඳහන් වෙන්නේ, අසත්‍ය තොරතුරු සමාජගතවීම නිසා, මිනිසුන් ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට යොමු වෙන එක වළක්වන්න කියලා. Fake News සංසරණය වීම ගැන සමාජ ජාලාවලට චෝදනා එල්ල වෙන්නෙ බොහෝ කාලෙක ඉඳලා - එනිසා සමාජ ජාල භාවිතයෙදි ඒ අනතුර ගැන, විශේෂයෙන්ම හදිසි අවස්ථාවලදී ඉන් විය හැකි හානි කලමනාකරනය කිරීම කල යුතුව තිබෙනවා. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Embed this episode
NOW PLAYING
Episode 41:මගෙ මව් රට ඇවිලෙන ගිනි එයින් නිවාලිය හැකි නම්...
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.