Episode 52: හදිස්සිද?.. මම ටැක්සියක් අරන් උඩින් එන්නම්!isode episode artwork

EPISODE · Jan 28, 2020 · 4 MIN

Episode 52: හදිස්සිද?.. මම ටැක්සියක් අරන් උඩින් එන්නම්!isode

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ Radio on 26th Jan 2020 - (4. 49 mins) Visit cyberwiparama.blogspot.com for all episodes. අපි කුඩා කාලයේ , අනාගතය ගැන හැදුනු විද්‍යා ප්‍රබන්ධ බොහොමයක  අපි දුටුවේ හැම කෙනාම තමන්ගේ වාහන වලින් අහසින් යන හැටි. අතිශය ජනප්‍රිය වූ Steven Spielberg ගේ Back to the Future චිත්‍රපට මාලාවේ, ඔවුන් 1985 වසරේ සිට 2015 වසරට යන්නට කාල තරන වාහනයට නගින විට, එමට් බ්‍රව්න්, මාර්ටි මැක්ෆ්ලයි තරුනයාට කියූ ප්‍රසිද්ධ කියමන මෙහිදී මතක් වෙනවා..  "Roads... where we're going, we don't need roads"   චිත්‍රපටයේ ඔවුන් දුටු 2015 ඔක්තෝම්බර් 21 දා ඉක්ම ගිහිල්ලත්, එදා ඔවුන් අනාවැකි කියූ ගුවනින් යන කාර් ඇත්ත වුනේ නැහැ නේද? ඔව්. නමුත් එය 2020 වසරේ සත්‍ය වෙන හැඩයි. අද අපි කතා කරන්නෙ අහසින් යන කාර් ගැන.   ලොව අති නවීනතම තාක්ශයන් හඳුන්වා දෙන, ඇමරිකාවෙ ලාස් වේගාස් නගරයේ පැවැත්වුනු   Consumer Electronics Show හිදී අහසින් යන්න පුලුවන් ටැක්සි සේවාවක් ගැන, මීට සති කිහිපයකට කලින් අහන්න ලැබුනා.  මෙහි වැදගත්ම පනිවිඩය තමා මේ ගුවන්  ටැක්සි සේවාව 2023 වෙන විට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මේ වසරේදී නගර තුනක නියමු ව්‍යාප්ෘති ගුවන් ගමන් පවත්වන්න සැලසුම් කිරීම.  ෙම නගර තමයි ලොස් ඇන්ජලිස්, ඩැලස් සහ මෙල්බර්න්.  ඒ කියන්නෙ ඇමරිකාවෙන් පිට,  මේ වසරේම, මෙවැනි ගුවන් ටැක්සියක් පියාසර කරනවා දකින්නට ලැබෙන්නෙ මෙල්බර්න් අහසේ පමණයි.   මේ සේවාවා හඳුන්වා දෙන්නෙ ඔබ බොහෝ දෙනෙක් දන්න ටැක්සි සේවාවක් වෙන Uber. ඇත්තටම Uber හඳුන්වන්න වෙන්නෙ Cyber based ride-sharing සේවාවක් විදියට මොකද ටැක්සි සේවාවක තියෙන කේන්ද්‍රගත සැකැස්ම වෙනුවට මෙහිදී වෙන්නේ වෙබ් අඩවියක් ගෝ ඇප් එකක් හරහා, ඒ ආසන්නයේ මෙම සේවාවා ලබා දෙන වෙනත් කෙනෙක්ගෙ වාහනය හරහා තමන්ගේ ගමන ගොස් ඇප් එකෙන්ම ගනුදෙනුව නිමා කිරීම. සමහර විට නොදන්න කිහිප දෙනෙකුට වුනත්, ඇප් එක හරහා අදාල මුදල බෙදා ගෙන එකට ගමන යන්න පුලුවන්. මින් ඔබට පැහැදිලි ඇති, දුරකථන ඇමතුමක්වත් නොදී, ඇප් එකක් හරහා, තමා අවට මේ සේවාව සපයන්න එකඟ වෙන ඕනෑම ඌබර් වාහනයක සේවාව ලබා ගැනීමට හැකි වීම ඇත්තටම සාම්ප්‍රදායික ටැක්සි සේවාවන් අර්බුධයට යැවීමක්.   මේ ride sharing සේවාවේ ලොව දැවැන්තයා තමා Uber. මහා මාරගය ජයගත් ඔවුන්, ගුවන ජය ගන්න Uber Elevate කියලා තවත් ආයතනයක් පිහිටවූවා. Huyundai මෝටර් සමාගම සමග එකතු වී මේ සඳහා යොදා ගැනීමට ඔවුන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන  විශේෂ ගුවන් ටැක්සිය තමයි ඔවුන් එදා මුල් වතාවට ජනතාවට පෙන්වුයේ.    S-A1 කෙලින්ම ඉහලට සහ පහලට යා හැකි ලෙස නිම වෙන මේ විශේෂ කුඩා ගුවන් යානවලට කියන්නේ ' Personal Air Vehicle' කියලා - මේ පලමු නිර්මානයට ඔවුන් දීලා තියෙන නම S-A1. එයට මීටර් 600ක් ඉහල අහසේ පැ.කි.ම් 290 කුපරිම වේගයක් සමඟ කි.මී 100ක් දක්වා පියාසර කරන්න පුලුවන්. එක වරකට හතර දෙනෙකුට මෙහි ගමන් ගන්න පුලුවන්. මුලදී නියමුවන් සහිතව මෙම යාන ගුවන් ගත වුනත් පසු කාලෙක නියමු රහිත යාන ලෙස යානා නිර්මානය කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.  මෙල්බර්න් නගරයේ මෙය මුලින්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ නගරය සහ ටුලාමරින් ගුවන් තොටපල අතරයි. දැනට පැයක ගමනක් වෙන මේ දුර ගුවනින් විනාඩි 10ක් දක්වා අඩු වෙනු ඇත.  මෙම ආයතනය පවසන්නේ, ඉදිරියේදී අදාල නිලධාරීන් සහ ප්‍රජාවන් සමඟ එක්ව නව launch pads සහ ගමන් මාර්ග ස්ථාපිත කිරීමටත්, ඊට අදාල යටිතල පහසුකම් සහ රෙගුලාසිමය කටයුතු නුදුරු අනාගතයේම සිදු වෙන බවත්ය. මෙය ඉතා මිල අධික  ගුවන් ගමනක් වේ යැයි දැන ඔබ සිතනවා ඇති. Uber Elevate ආයතනයට අනුව, මෙම ගමනේ ගාස්තුව, UberX Luxury කාර් එකක ගමනක් වෙනුවෙන් වැය වන මුදලම පමනයි. කටයුතු එසේ සිදු වේ නම්, මෙම ගුවන් ගමන් සාමාන්‍ය ජනතාවට ඉතා පහසු මිලට, ඉතා අඩු කාලෙකින්, පරිසර හානිය අවම වූ, සන්සුන් ගමනකට මඟ විවර කරන විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත.   අපිට කොතනට හරි ඉතා ඉක්මනින් එන්න කියලා ඉල්ලීමක් එද්දි, ප්‍රායෝගිකව එය පහසු nowena කොට, කතා ව්‍යවහාරයේදී කියවෙන ප්‍රකාශයක් තියෙනවා "උඩින් එන්න kiyalada කියන්නෙ" කියලා?        කාරනා කටයුතු සිද්ධ වෙන විදියට, නුදුරු අනාගතයෙදි, මේ කතාව මෙන්න මේ විදියට වෙනස් වෙන හැටියක් තමයි පේන්න තියෙන්නෙ. "පොඩ්ඩක් ඉන්න.. මම ටැක්සියක් අරං උඩින් එන්නම් මේ දැන්ම" sources: https://www.news.com.au/technology/uber-reveals-details-of-melbournes-new-flying-taxi/news-story/501147a7d8c5f31590e21851656d4901 https://www.uber.com/au/en/elevate/uberair/  

Episode metadata supplied by the publisher feed · Published Jan 28, 2020

Embed this episode

NOW PLAYING

Episode 52: හදිස්සිද?.. මම ටැක්සියක් අරන් උඩින් එන්නම්!isode

0:00 4:49

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on January 28, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!