Episode 53: ඔලු ගෙඩි පලන TIK TOK පිස්සුව episode artwork

EPISODE · Mar 20, 2020 · 4 MIN

Episode 53: ඔලු ගෙඩි පලන TIK TOK පිස්සුව

from CYBER Wiparama · host Champike Yatagama

Braodcast on 23rd Feb on 3ZZZ Community Radio Blog link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-53.html "මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෙ" කියලා කතාවක් සිංහල කතා ව්‍යවහාරයේ තියෙනවානෙ.. තරුණ මදය සහ අන්තර්ජාලය එක් වුන තැන, අවාසනාවකට මේ සීමාව කුමක්ද, අවධානම් සීමාව කුමක්ද යන්න ගැන නිසි තක්සේරුවකට එන්න අපේ    තරුණ දරුවන් අසමත් වෙනවා. එහි ප්‍රතිපලය, ජීවිත හානි පවා ගෙන දෙන මහා භයානක අවසානයක්.   අද මම කතා කරන්නෙ, මේ දිනවල ටික්ටොක් කියන සමාජ ජාලාවකාශ‍යේ, තරුන දරුවන් අතර පැතිර යන එවැනි භයානක සෙල්ලමක් ගැන  මේකට කියන්නෙ TikTok Skull Breaker Challenge කියලා.  මෙහිදී සිදු වන්නේ මේ ගැන නොදන්නා මිතුරෙක්ට උඩ පනින්නට උපදෙස් දී, දෙපසින් සිටින මිතුරන් දෙදෙනෙක් උඩ පනින පුද්ගලයාගේ දෙපාවලට එක විට පහර දී බිම හෙලීමයි. බිමට වැටෙන පුද්ගලයාගේ කොන්ද සහ හිසේ පසුපස මේ හේතුවෙන් තදින් පොලොවේ වැදීමක් සිදු වෙනවා. මෙය වීඩියෝ ගත කරන හතර වෙනියා එය සමාජ ජාලා අවකශයට එකතු කරනවා.  ලොව වටා මෙය රැල්ලක් ලෙස පැතිරීම හේතුවෙන්, මේ prank විනෝදයේ ගොදුරු වූ තරුණ ලමයින් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තියෙනවා.  පසුගිය දෙසැම්බරයේ බ්‍රසීලයේදි මීට සම්බන්ධ පලමු මරණය වාර්තා වුනා..ඒ දහසය හැවිරිදි ගැහැනු ළමයෙක්.  අන්තර්ජාලයේ මේ දිනවල වේගයෙන් පැතිර යන එක් වීඩි‍යෝවකට අනුව, වෙනිසියුලාවේ පාසලක තරුණ දරුවෙක් හිස කෙලින්ම කොන්ක්‍රීට් පොලොවෙ වදින ලෙස මින් අනතුරට පත් වෙනවා. පසුව වාර්තා වුනේ මේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවත්, එම පාසල මේ ගැන විශේෂ පරීක්ශනයක් පවත්වන බවත්ය.    මේ බිහිසුනු ක්‍රීඩාව ගැන ලොව වටා වෛද්‍යවරුන් දැඩි අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව හිස් කබල බරපතල ලෙස් තුවාල වීම නිසා ජීවිත කාලයටම බලපාන දුබලතා, අංශභාගය හෝ මරණයට පවා මින් ගොදුරු විය හැකියි. එසේම වේගයෙන් බිම වැටෙන කෙනෙක් අවසන් මොහොතේ ඉන් ගැලවීමට දෑත් යොදා ගැනීමට උත්සාහ දැරීමෙන් අස්ථි බිඳී යාම්ද විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.   දරුවන් ස්වභාවයෙන්ම අවදානම සහගත වැඩ කරනවා,   ත්‍රාසය, උද්වේගය පාලනය කිරීමට අවශ්‍ය මොලයේ ක්‍රියාකාරිත්වය (impulse management) මූලික තරුණ වයසේ දරුවන්ගේ සම්පූර්ණැයෙන්ම ව‍ර්ධනය නොවීම මීට හේතුවයි. ඒ හේතුවෙන් අන් අයගේ අවධානයට පාත්‍ර වෙන සුලු, ත්‍රාසජනක (thrill-seeking) ක්‍රියාවන් වෙත ඔවුන් නිතැතින්ම ආකර්ශනය වෙනු අපිට දක්නට ලැබෙනවා. සමාජ ජාලා හරහා වැඩියෙන් ෆල්ලොවර්ස්ලා, ලයික්ස් ආදියෙන් දෙන උත්තේජනයට ඔවුන් ලොබ බඳින්නේ එනිසයි.   දෙමාපියන් සහ වැඩිහිටියන් විදියට ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කිරීම, කරුණාවෙන් එහි අවධානම පැහැදිලි කිරීම අනිවාර්‍යෙන්ම විය යුත්තක්. ටික් ටොක් වැනි සමාජ ජාලා හරහා මීට කලිනුත් මේ වගේ භයානක් ප්‍රවනතා වාර්තා වුනා.. බොහෝ විට වයස අවුරුදු 13ට අඩු දරුවන් විශාල ප්‍රමානයක්, දෙමාපියන්ගෙ අනුදැණුමකින් තොරව ටික් ටොක් වෙත තමන්ගේ නිදන කාමරයේදි හෝ , පාසලේ මිතුරන් සමග ගන්නා වීඩියෝ ආදිය එකතු කරනවා. කාමාතුරයන් සැරිසරන අන්තර්ජාලය තුල මෙහි අවධානම ගැන ඔබට අමුතුවෙන් කියන්නෙ ඕනෙ නැහැ නෙ..   පෙබරවාරි 11 වෙනිදා Safer Internet Day ලොව පුර සැමරුවා.. එහිදී බොහෝ විට කතා වුනේ Cyber Security පැත්ත ගැන. නමුත් මෙතරම ප්‍රයෝජනවත් සයිබර් අවකාශයම, අපේ දරුවන්ගේ ජීවිත පවා බිලි ගත හැකි  Skull Breaker Challenge වැනි පිලිල සහිත අවදානම් කලාපයක් වෙද්දි, Security පැත්ත අභිබවා Safety ගැන දැඩි අවධනයක් යොමු කරන්න අපට වෙලා තියෙනවා.  මෙතනදි ඇත්තටම තාක්ශණයෙන් කල හැකි දේ හරිම අල්පයි..  ඔබ අප දැනුවත් වීමත්, දරුවන්ට ආදර‍යෙන් ම  මේ කාරනාවලට මැදිහත් වීමත් හරහා අපට පුලුවන් වෙනසක් කරන්න.  හෙට දවසේ ලෝකය හිමි දරුවන්ගේ ඔලු ගෙඩි  මහ පොලොවේ වදින්නට නොදී රැක ගැනීම අද දවසේ ඔබත්, මාත් වෙත පැවෘනු වගකීමක් බව අප මතක තබා ගත යුතු වෙනවා.    

Episode metadata supplied by the publisher feed · Published Mar 20, 2020

Embed this episode

NOW PLAYING

Episode 53: ඔලු ගෙඩි පලන TIK TOK පිස්සුව

0:00 4:11

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on March 20, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!