Episode 54: Coronavirus සහ Working from Home episode artwork

EPISODE · Mar 20, 2020 · 5 MIN

Episode 54: Coronavirus සහ Working from Home

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ Radio on 15th March 2020 Podcast link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-54-coronavirus-working-from-home.html කොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4300ක්.  ඔස්ට්‍රේලියාවේ රෝගය වැලඳුනු බවට තහවඋරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 126 පසු කලේ පසු ගියදා. තත්ත්වය තවත්ුත්සන්න විය හැකි බවට අනතුරු හඟවන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු රජය, මාර්තු 11 වෙනිදා COVID-19 Pandemic Plan වැඩපිලිවෙල එලි දැක්වූවා. රෝගය තවමත් වසංගත තත්ත්වයකට වර්ධනය වී නොමැති වුවත්, පෙර නොවී විරූ කැපකිරීම් කරමින් එයට මුහුන දෙන්නට සූදානම් වීමේ අවශ්‍යතාවය මත මෙය එලි දැක්වූ බව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩ්ෲස් තම ෆේස්බුක් ගිනුම හරහා ප්‍රකාශ කර තිබුනා.  Corona Virus Disease 2019 යන්න කෙටි වීමෙන් COVID-19 යන විද්‍යාත්මක නාමය එයට ලැබී තියෙනවා. නමුත් මම අද කතා කරන්න යන්නෙ මේ රෝගය ගැන නොවේ, සයිබර් අවකාශය මේ රෝග තත්ත්වයෙන් නිම වූ කලබලයට සිසිල් පොද වැස්සක සැනසීමක්  ගෙන එන අයුරු ගැන.. අද මම කතා කරන්නෙ Working From Home කියන ප්‍රවනතාවයේ නැගුම ගැන.. Working From Home කියන්නෙ අලුත් සංකල්පයක් නොවේ. පරිගනකය් ආශ්‍රිතව රැකියාවේ නියුතු වෙන අයට, කාර්‍යාලයට නොපැමින අන්තර්ජාලය හරහා, බොහෝ විට Virtual Private Network (VPN) සම්බන්ධතාවයක් හරහා සේවා ස්ථානයේ ජාලයට සම්බන්ධ වී වැඩ කටයුතු කිරීමේ වරප්‍රසාදය මේ නමින්ඝැඳින් වෙනවා. බොහෝ සේවා ස්ථානවලින් එක් එක් පුදගල අවශ්‍යතාවය මත, විශේෂ අවසරයක් මත මේ පහසුකම සමාන්‍යයෙන් ලබා දෙන්නෙ.   නමුත් කොරෝන වෛරසය මේ තත්වෙ වෙනස් කලෙ එක රැයෙන්..  අද වෙන විට ලොව පුරා සෑම විශාල ආයතනයක්ම පාහේ, පරිගණක හරහා ජාල ගත වන තමන්ගේ ශ්‍රම බලකායට නිවසේ සිට වැඩ කරන්නට අනුබල දෙනවා. ඒ සමගම ගුවන් ගමන්, අනතුරු දායක රටවලට ගමන් කිරීම සීමා කොට රැස්වීම ආදිය Video Conferencing  අන්තර්ජාල තාක්ශණය හරහා කරන්නට වැඩි වැඩියෙන් උනන්දු කරනවා මේ දිනවල දක්නට ලැබෙනවා. උදාහරනයක් විදියට, මගේ සේවා ස්ථානයේ අපගේ සම්පූර්ණ කන්ඩායමට සම්පූර්ණයෙන්මෙක් දිනක් නිවසේ සිට වැඩ කරන්නට උපදෙස් දී Webex හෝ zoom නම් තාක්ශයණයන් හරහා සම්පූර්ණ කන්ඩායමම එක විට සම්බන්ධ වී පර්‍රික්ශණ රැස්වීමක් පැවැත්වුනා.  මේ වන විටත් ලොව තාක්ශණික ලොව දැවැන්තයන් වෙන Google, Apple, Amazon, Twitter වැනි සමාගම් ලොව වටා සිටින තම සේවකයන්ට මෙලෙසින් Working from Home හරහා වැඪ කරන්න නියම කර තිබෙනවා.  විශාල සංස්ක්ෘතික උත්සව, ක්‍රීඩා තරඟ ආදිය ඉදිරියේ බොහෝ විට ක්‍රියාතමක කිරීමට ඉඩ ඇති සීමා කිර්‍රිම හමුවේ Facebook Live, Youtube broadcast, Google Hangout, Apple Facetime වැනි තාක්ණයන් හරහා අපට වැඩි වැඩියෙන් නැරඹීමට සිදු වෙනු ඇති බවට අනුමාන කල හැකියි. දැනටමත් විශ්ව විද්‍යාල, අන්තර්ජාතික ශිෂ්‍ය‍යන් වෙනුවෙන් මුල් සති දෙක පාඨමාලා පවත්වන්නේ අන්තර්ජාලය හරහා පමණයි. මා දන්නා එක් පාසලක,  බදාදා දවස හඳුන්වන්නේ Digital Delivery Day නමින්. එදිනට ගුරුවරයා Microsoft Teams හරහා ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු කරනවා. එනිසා ඉදිරියේදී පාසල් වසා දැමුවහොත්, අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙනා යාමට හැකි තාක්ශණික පදනම පාසලේ දැනටම තියෙනවා. අපට ඉදිරියේදී මෙවැනි තාක්ශණික විධික්‍රම සියලු පාසල් වලට හඳුන්වා දීමක් දකින්න ලැබේවි.   සයිබර් තාක්ශණය මෙලෙසින් සාධනීය ලෙස අධ්‍යපනික, ව්ෘත්තීමය කටයුතු වෙනුවෙන් යොදා ගැනෙන සිදුවීම අතරෙ, සයිබර් අපරාධකරුවන්ද තමන්ගේ මංකොල්ල කෑම් වලට කොරෝනා නම යොදා ගන්නා අයුරුත් ඔය අතරෙ වාර්තා වෙනවා. මිනිසුන් රවටන්නට කොරෝනා සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුලත්, අනතුරු සහගත attachments, links ඇතුලත්ව ඊමේල් හෝ කෙටි පනිවිඩ විදියට මේවා එවන්නෙ.  එනිසා කොරෝනා සම්බන්ධව ඔබ දකින සමාජ ජාලා මාධ්‍ය පනිවිඩ, ඊමේල්, කෙටි පනිවිඩ සමබන්ධව අතිශය විමසිලිමත් වෙන්න. රජයේ හෝ වෙනත් විශ්වාසදායි මාධ්‍ය මත පමනක් තොරතුරු වෙනුවෙන් යැපීම වඩා යෝග්‍යයි. මුදල් එකතු කිර්‍රිම එනම් චැරිටි ගැනද හොඳින් කරුනු විමසා ආධාර ලබා දෙන්න.   ඉදිරියෙ තත්වය ගැන අනාවැකි කියන්න අමාරුයි. අප සැම ගෙවන්නේ අනපේක්ශිත සහ අවිනිශ්චිත කාල වකවානුවක්.  නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්.  මිනිසාගෙ කුදු මහත් කටයුතු වෙනුවෙන් අපට එක්ව වැඩ කරන්නට අවස්ථාවක් නොලැබෙන විට තාක්ශනය පැමිණ සයිබර් අවකාශය හරහා අප ව එක් කරමින් ඒ අඩුව පුරවනු ඇත. ඒ අවකාශයම අඳුරු බලවේග නි‍ර්ලජ්ජිතව තමන්ගේ වාසිය වෙනුවෙන් යොදාගන්න වෙහෙසෙද්දී, අප මෙලෙසින් දැණුවත් වෙමින් ඒ බලවේග පරදවමින්, තාක්ශණයේ අසිරියෙන් මේ මොහොතේ අභියෝග ජය ගනිමු. 

Episode metadata supplied by the publisher feed · Published Mar 20, 2020

Embed this episode

NOW PLAYING

Episode 54: Coronavirus සහ Working from Home

0:00 5:21

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 5 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on March 20, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!