Episode 61: Black Lives Matter වෙත සයිබර් ප්‍රහාර episode artwork

EPISODE · Jul 14, 2020 · 5 MIN

Episode 61: Black Lives Matter වෙත සයිබර් ප්‍රහාර

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ Radio on 21st June 2020 Date: මැයි 25 දා Place:  MineaPolis, Monesota, USA අමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ. කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්‍රචන්ඩත්වයටත්, කොල්ලකෑම් තත්වයටත් වර්ධනය වුනා.  මේ තත්වය  ඉතා ඉක්මනින්ම වෙනත් රටවලටටත් පැතිර යන අයුරු දැන් අපිට පෙනෙනවා.. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක, ඇබොරිජිනල් ජනතාවට සහයෝගයක් ලෙස Black Lives Matter තේමාව යටතේ විශාල උද්ඝෝශන කිහිපයක්ම දියත් වුනා.  කොවිඩ් සීමා කිරීම් මධ්‍යයේ පවා, එලිමහනේ සිදු වෙන මෙම උද්ඝෝශණ සහ බාධා කිරීම් මාධ්‍යවල නිතර ප්‍රචාරය වුනත්, සත්‍ය කාරනාව වන්නේ මෙම අරගලය ඉතා දරුනු ලෙස ක්‍රියාත්මක වන්නේ සයිබර් කලාපයේ බවයි. මූලිකවම මෙම ජනතා නැඟිටීම් ඉතා කෙටි කලෙකින් එක් තැන් කලේ සමාජ මාධ්‍ය ජාලා හරහාය. ඒ සමඟ වතුරේ පහතට බලෙන් ඔබා ගෙන සිටි රබර් බෝලයක්, එක්වරම ඉහලට පොලා පනින්නා සේ මෙම Black Lives Matter නැමති ජනතා ව්‍යාපෘතිය යෝධ ජන පවුරක් සේ නැගී සිටියා. Annonymous නැමති ලොව ප්‍රකට hacktivist සංවිධානය මෙම අරගලය සහය පල කරමින්, පොලිස් ආයතන ඉදිරියේදී හැක් කිරීමට ලක් කරන වග සඳහන් කරා.  ඔවුන්ගේ සමාජ ජාලා පිටු සඳහා දින දෙකක් ඇතුලත මිලිගන ගනනින් අනුගාමිකයන් එකතු වෙන්නට එම පනිවිඩය ප්‍රමානවත් වුනා. මැයි 31 දා ඔවුන් මිනියාපොලිස් පොලීසියේ වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල කරා. උද්ඝෝශකයන්ට බාධා කරන ඕනෑම රජයේ දෙපාර්තමේන්තු වෙබ් අඩවි වලටද එම ඉරණම අත් වෙනු ඇති බව ඔවුන් තව දුරටත් අනතුරු හැඟ වූවා. ෆේස්බුක්, ඇමසන්, ගූගල් වැනි ආයතන ප්‍රසිද්ධියේ BLM අරගලයට සහය දැක්වූවා. ඇමසන් ආයතනයේ හිමි කරු වන ජෙෆ් බෙසොස් මහතා ඒ වෙනුවෙන් එන විවේචන වලට ප්‍රසිද්දීයේ පිලිතුරු පවා සපයා තිබුනා.  Netflix, HBO වැනි streaming සේවාවලින් සමහර චිත්‍රපට පවා දැන් ඉවත් කරනවා ඒවයේ අන්තර්ගතයේ අඩු පාඩු පෙන්වා දෙමින්.  Little Britain, Mighty Boosh, Gone with the wind, එලෙසින් ඉවත් කල චිත්‍රපටි කිහිපයක්. මින් අදහස් වන්නේ නැහැ අන්තර්ජාලය හරහා මේ අරගලයට ලැබෙන්නෙ ආශිර්වාද පමනයි කියලා.

Episode metadata supplied by the publisher feed · Published Jul 14, 2020

Embed this episode

NOW PLAYING

Episode 61: Black Lives Matter වෙත සයිබර් ප්‍රහාර

0:00 5:03

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 5 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on July 14, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!