Episode 62: කොරෝනා මේ පාර නම් ගහන්නෙ ඔලුවටමයි.. episode artwork

EPISODE · Jul 15, 2020 · 6 MIN

Episode 62: කොරෝනා මේ පාර නම් ගහන්නෙ ඔලුවටමයි..

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ Radio on 12th July 2020 Visit my blog for full transcript: http://cyberwiparama.blogspot.com ජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගරය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා..  මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් මෙල්බර්න් සහ මිචෙල් ශයර‍යේ මිලියන පහක ජනතාව නැවතත් තමන්ගේ නිවෙස් තුල සි‍ර වෙනවා. ඔවුන්ට නිවසින් පිටත්ට පැමිණිය හැක්කේ  අත්‍යවශ්‍ය කාරනා ලෙස ප්‍රාන්ත රජය නම් කර ඇති හේතු කිහිපයක් සඳහා පමනයි..   මාර්තු මාසයේ මෙවැනිම සීමා කිරීමක් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයන්ගේ ශීග්‍ර වැඩිවීමක් සමඟ බලදාරීන්ට නැවත මේ සීමා කිරීම් දක්වා යන්නට සිදු වුනා. මේ අතර අනෙක් ප්‍රාන්ත වික්ටෝරියානුවන්ට තමන්ගේ ප්‍රාන්තයට පැමිනීම තහනම් කරලා එනිසා ප්‍රාන්තයක් විදියටත්, මෙල්බර්න් නගරයේ නම් පවුල් විදියටත් මේ මොහොතේ අපට දැනෙන්නේ හුදකලා වූ, සමාජ ජීවිතයෙන් දුරස්ථ වූ මානසික තත්වයක්. මනෝ වෛද්‍ය වරුන් පෙන්වා දෙන්නේ මෙම අලුත් තත්වය නිසා ඉතා විශාල ලෙස මානසික සෞඛ්‍යයට හානි සිදු විය හැකි බවයි.     සිඩ්නි විශ්ව විද්‍යාලයේ මොලය සහ මනස කේන්ද්‍රයේ මහාචාර්‍ය ඉයන් හිකී මහතාට අනුව, මෙම දෙවන වර සීමා කිරීම් මානසිකව අතිශය හානිකර වෙනු ඇත. ඇමරිකාවට, බ්‍රිතාන්‍යට මෙන් නොව ඔස්ට්‍රේලියාවෙ තත්වය යහ්පත් යැයි සිතා නැවත සාමාණ්‍ය ජන ජීවිතයට එන්නට ජනතාව සූදානම් වෙනවාත් සමඟම රැකියා විරහිතවීම්, අවිනිශ්චිත ආර්ථික කාරනා  සහිතව, නැවත නිවෙස් තුල සිර වෙන්නට සිදු වීම කොහෙත්ම ලේසි නැති බවයි මහාචාර්‍යවරයා පවසන්නෙ.   කොරෝනා වසංගත තත්වය උද්ගත වීමෙන් පසුව Lifeline වෙත ලැබුනු දුරකථන ඇමතුම් සංක්‍යාවේ වැඩිවීම 25%. Lifeline යනු සියදිවි නසා ගැනීමට තරම මානසික බිඳ වැටීමට ලක් වූවන් එයින් මුදවා ගැනීම වෙනුවෙන් පිහිටවා තිබෙන ජාතික සහන සැයපුම් සේවාවයි. එලෙසින්ම, Depression මානසික තත්ව‍යෙන් පීඩා විඳින්නන්ට සහනය සපයන Beyond Blue වෙත ලැබුනු ඇමතුම් සංඛ්‍යාවේ වැඩිවීම 40% කි. මින් ඔබට පැහැදිලි ඇති මේ මොහොතේ මානසික සෞඛ්‍ය සම්බන්ධව ජාතික මට්ටමෙන් ඇති වී තියෙන භයානක නැඹුරුව.. Federal රජය මානසික සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ප්‍රතිපාදන මෑතකදී නිවේදනය ඒ නිසාවෙන්මයි.

Episode metadata supplied by the publisher feed · Published Jul 15, 2020

Embed this episode

NOW PLAYING

Episode 62: කොරෝනා මේ පාර නම් ගහන්නෙ ඔලුවටමයි..

0:00 6:03

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 6 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on July 15, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!