Episode 66: දරුවන් traumatized කල සජීවී සිය දිවි නසා ගැනීම episode artwork

EPISODE · Dec 26, 2020 · 4 MIN

Episode 66: දරුවන් traumatized කල සජීවී සිය දිවි නසා ගැනීම

from CYBER Wiparama · host Champike Yatagama

Broadcasted on 3ZZZ RAdio on  27the Sep 2020 4 mins read අගෝස්තු 31 දා ඇමෙරිකාවේ රොනී මැක්නට් නම් පුද්ගලයා තමාගේ සිය දිවි නසා ගැනීම ෆේස්බුක් හරහා සජීවී ව විකාශය කරනවා.  Shot gun එකක් යොදාගෙන, තමාගෙ හිස සුනු විසුනු කර ගන්නා මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් ජාලයෙන් ඉවත් කරන්න පැය තුනක් විතර ගත වෙනවා. ඉන් පසු ව සතියක විතර නිහඬතාවයකින් පස්සෙ මේ වීඩියෝ එක මතු වෙන්න ගන්නෙ තරුන දරුවන් අතර අතිශය ජනප්‍රිය ටික්-ටොක් නම් සමාජ ජාලය හරහා. මෙම වීඩියෝව අදාල ජාලයේ, recommended videos  පෙල ගස්වන For You කලාපයට  අතුලත් වීමෙන් එය මිලියන ගනනක් දකින්නේ අතිශය කම්පනයක් ඔවුන්ට ඇති කරමින්. ඉන් පසු එම වීඩියෝව සමාජ ජාලයෙන් ඉවත් කෙරුනත්, එහි අදාල සංවේදි දර්ශන කොටස තරුන දරුවන් බලන අතිශය අහිංසක වීඩියෝ තුල සඟවා, මේම වාරනය තුලින් රිංගා යමින් එය ප්‍රචාරය වෙන්නට පටන් ගත්තා.  මෙය කෙතරම් දරුනුවට පැතිරුනාද කියතහොත්, ලොව වටා පාසල් දෙමාපියන්ට ඊමේල් ලිපි පවා යවමින් ඉල්ලා සිටියේ දින කිහිපයකට දරුවන් ටික් ටොක් සමාජ ජාලයෙන් වෙන් කර තබන ලෙසින්. නමුත් අපි හැරෙන කොට දරුවන් මේවා දැකල අවසන්.  මාධ්‍ය හරහා මේ ගැන අහන්නත් කලින් මගේ පුතාගෙන් මේ ගැන මම දැන ගත්තෙ. ඒ ගැන ඔහුත් එක්ක කතා කරලා ඒවයෙ යථාර්තය ගැන පැහැදිලි කරනවා හැරෙන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නැහැ.   සැප්තැම්බර් 10 දා ලෝක සියදිවි නසා ගැනීම වැලැක්වීමේ දිනය. ඔස්ට්‍රේලියාවෙ මේ දිනය සමරන්නෙ R U OK Day නමින්.. ඉන් අදහස් වෙන්නෙ මානසික ව්‍යාකූල තත්වෙක ඉන්න කෙනෙක් දුටුවොත් ඒ අය කොන් නොකර, සුහද කතා බහකට යොමු කිරීම සහ සුදුසුකම් ලද විශේෂඤ්ඤ සහයක් වෙත ‍යොමු කිරීම හරහා ලොකු ව්‍යසනයක් නවතාලිය හැකි බවත්.    ලෝක සෞඛ්‍ය සංවිදානයට අනුව හැම තත්පර 40 ට වරක් මේ ලෝකෙට සිය දිවි නසා ගැනීම නිසා මනුස්ස ජීවිතයක් නැති වෙනවා. ඒ කියන්නෙ එක අවුරුද්දකට ජීවිත ලක්ශ අටක්. මින් සාමාන්‍යයෙන් පිරිමි මරණ, ගැහැනු මරණ වගේ දෙගුණයක්.. යුරෝපෙ පැත්තට යද්දි පිරිමි සිය දිවි නසා ගැනීම් සමස්තයෙන් 80%ට ආසන්න වෙනවා.   ලොව කොහේ වුනත්, ගැහැනු වුනත්, පිරිමි වුනත් මේ සියල්ල නිරපරාදෙ නැති වෙන ජීවිත. අද දවසෙ මේ හැල්මෙ දුවන ජීවිත අතර, අපි හැම තැනම දකින්නෙ බලාපොරොත්තු කඩවීම් සහ අපේක්ශා භංගත්වය. ඔය අතරෙ මේ කොරෝනා වසංගතය ඇවිත් මේ තත්ත්වය අතිශයින් ව්‍යාකූල කරලා.  වැඩිහිටියන් වගේම මානසික පීඩනයක ඉන්න දරුවන්ට ටික් ටොක් වගේ සමාජ ජාලා හරහා මෙලෙසින් හානිකර දේවල් උත්කර්ශයට නන්වන විට ඔවුන්ගේ හෙට දවසෙ ගැටලුවලට විසඳුම් ලෙස ඔවුන් දකින්නේ එතරම් හිතකර දේවල් නොවේ.   එනිසා වැඩිහිටියන් විදියට අපි සැවොම මානසික ව්‍යාධින් ගැන විව්ෘතව කතා කරමු. අපේ දරුවන්ගෙ මානසික සුවතාවය ගැන සැලකිලිමත් වෙමු.  මනස තාවකාලිකව ලෙඩ වෙන්න පුලුවන්.. ශරීරයේ ලෙඩක් වගේම, නිසි ප්‍රතිකාර හරහා එය සුව කර ගත හැකි බවත්, ඒ ගැන ලජ්ජා විය යුතු නැති බවත් අපි සිහි තබා ගත යුතු වෙනවා. සාම්ප්‍රදායිකව, මේවා හිතේ තනියම දරාගෙන ඉඳලා විසඳා ගන්න පුලුවන් ලෝක තත්ත්වෙ දැන් වෙනස් වෙලා. එනිසා මේ සමාජ ආර්ථික සහ තාක්ශණික වට පිටාව අපට බල කර සිටිනවා, මේ අලුත් අභියෝග වලට අනුගත වෙන විදියට අපගේ ආකල්පයම දිශානතිය සීරු මාරු කර ගන්නට.   හැම දේම හරිඅයට, තිතට වෙන්න ඕනෙ නැහැ. මේ ඔක්කොම අපි අපේ හිත එක්ක කරන ගනුදෙනු.  වැරදුනාම අලුතෙන් පටන් ගමු. වැදගත් වෙන්නෙ හිතේ සතුට. එසේ නම් අද දවසේ සයිබර සටහන තුලින් අපිත් ඔබට මතක් කරන්නේ It is OK not to be OK කියලා.

Episode metadata supplied by the publisher feed · Published Dec 26, 2020

Embed this episode

NOW PLAYING

Episode 66: දරුවන් traumatized කල සජීවී සිය දිවි නසා ගැනීම

0:00 4:08

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on December 26, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!