Episode 71; තරුණ දරුවන්ට කල දේශනය සම්බන්ධ පසු විපරම episode artwork

EPISODE · Sep 2, 2021 · 6 MIN

Episode 71; තරුණ දරුවන්ට කල දේශනය සම්බන්ධ පසු විපරම

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ Radio on 21st Feb.  පෙබරවාරි 9 වෙනිදාට යෙදී තිබුනේ අන්තර්ජාතිකව සමරන Safer Internet Day. එදා මටත් පුද්ගලිකව විශේෂ දින්‍යක වුනේ, ප්‍රසිද්ධ බාලිකා පාසලක තරුන දරුවන්ට, අන්තර්ජාල ආරක්ශනය ගැන එදිනම කෙටි දේශනයක් කරන්න ආරාධනාවක් ලැබීම. මේ පාසල බෙරික් නගරයේ පිහිටා තියෙන St Margaret's senior college. වයස 13ත් 18ත් අතර දරුවන් 200ක් පමණ එහි අධ්‍යාපනය ලබනවා. විනාඩි 22 ක පමණ දේශනය අවසානයේ,  ඉන් තමන් බොහෝ කරුනු ඉගෙන ගත් වග, මා සමඟ කතා කරන්නට ලැබුනු දරුවන් කිහිප දෙනෙක්ම සඳහන් කලා.   එනිසා අද දවසේ, සයිබ‍ර් සටහන වෙනුවෙන් මම අද තේමා කර ගන්නේ තරුණ දරුවන්ට අන්තර්ජාල ආරක්ශනය ගැන කතා කිරීමේදී අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුනුත්, ඇත්තටම ඔවුන්ට වඩාත් ගෝචර සහ අදාල වන, එදින ඔවුන් සමඟ මා බෙදාගත් කරුනු කිහිපයකුත්. මින් සමහර කාරනා ඔබටත් ඔබේ තරුන් දරුවන් සමඟ බෙදා ගන්නට පුලුවන් වේවි.   මූලිකව මේ දරුවන් තාක්ශනය පැත්තෙන් ඉන්නෙ අපිට වඩා ඉස්සරහින්. එනිසා අවධානම ගැන තේරුම් කර, ඉන් මිදිය හැකි විදිය ගැන සඳහන් කිරීම ඔවුන්ට ප්‍රමානවත්. එය කරන්නේ කෙසේද යන්න ගැන විස්තර ඔවුන්ට අනවශ්‍යයි.  මෙය මට ඇත්තටම පහසුවක් වුනා.  මේ ක්ශේස්ත්‍රයේ මගේ අත්දැකීම් ගැනත්, මාත් සමාජ ජාලා  ආශ්‍රිත සක්‍රිය කෙනෙක් වගත්, ඔවුන් වැනිම තරුණ දරුවන් සිටින පියෙකුට අමතරව, ඒ වයසේ දරුවන්ට භාශා දැනුම ලබා දෙන ගුරුව‍රයෙක් වගත් මා මුලින්ම මගේ හැඳින්වීමේදී මම පෙන්වා දුන්නා. මෙයට විශේෂ හේතුවක් තිබුනා. තරුණ දරුවන් අපට වැටහෙන බවත්, අපත් මේ තාක්ශනයන් දෙස ඍනාත්මක නොබලන වග පෙන්වා දී දෙයක් කියා දෙද්දී ඔවුන් වඩා උනන්දුවෙන් එයට ඇහුම්කන් දෙනවා. එවිට එය සාම්ප්‍රදායික දේශනයක් ඉක්මවා ගොස් ඔවුන්ගේ හැසිරීම් ‍රටා වෙනස් කිරීමට සමත් සාධනීය බලපෑමක් කරන මැදිහත්වීමක් වෙනවා.     මගේ උත්සාහය වුනේ, ඔවුන් නොදැන සිටින කාරනාත්, දැන සිටියත් තරුනකම නිසා අවධානම අවතක්සේරු කරන කාරනාත් ඔවුන්ට ආකර්ශනීය සහ තර්කානුකූල ක්‍රමයකින්  තේරුම් කර දෙන එක. එදා ඒ දරුවන සමඟ මම බෙදා හදා ගත් තොරතුරු මොනවාද?   තරුන දරුවන් ආසක්තම දෙය ඔවුන්ගේ ජංගම දුරකථනය නිසා මම එහි ආරක්ශාවට ඔවුන් කල යුතුම කා‍රනා කිහිපයක් මතක් කලා. ඒ තමයි කිසි දිනෙක් ඒ වෙනුවෙන් එන updates කල් නොදමා, මෙහෙයුම් පද්ධතියත්, apps සියල්ලත් යාවත්කාලීන කරන ලෙස. එලෙසම ඔවුන්ට මතක් කර දුන්නා, අපි හැරෙන්නත් කලින් ඒ අය apps install කර ගන්න සමත් වුනත්, හැකි නම් විනාඩියක් අරන් ඒ බාගත කරන ඇප් review කරන ලෙස. ඔවුන්ට මම මතක් කලේ, එක දෙයක් කරන වග පෙන්වා, වෙනත් දෙයක් කරන්නට  සමහර හානිකර ඇප්ස් වලට පුලුවන්, අප ඒ ගැන විමර්ශනශීලි නොවුනොත් කියලා. ඒ සමගම දරුවන් අතර බොහෝ ජනප්‍රිය ක්‍රියාවලියක් වෙන නොමිලේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුලුවන් Free WiFi ජාල සම්බන්ධයෙන් අතිශය පරෙස්සම් විය යුතු කලාපක්. McDonalds වැනි එවැනි Free hotspots තිබෙන ස්ථානයකට laptop යන්ත්‍රයක් අතැතිව එන hacker කෙනෙකුට, එයට සම්බන්ධ වෙන සියලු දෙනාගේම අන්තර්ජාල වෙත යන දත්ත හොරකම් කල හැකි ආකාරය මම දරුවන්ට පැහැදිලි කර දුන්නා. එම අවධානයෙන් මිදීමට බොහොම පහසුවෙන් VPN ඇප්ස් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමෙන් හැකි වගත් ඔවුන්ට තේරුම් කර දුන්නා.    තරුන දරුවන් පස් දෙනෙක් ගත්තොත්, ඉන් එක්කෙනෙක් තමන්ගේ සමාජ ජාලා ගිනුම් password එක යාලුවන් එක්ක බෙදා ගන්නවා. මෙහි අවධානම පැහැදිලි කරලා මම ඒ අයට කියා දුන්නා, නොමිලේ තියෙන password manager සේවාවන් හරහා සංකීර්ණ password, මතක තබාගැනීමකින් තොරව ගබඩා කර ගන්නා ආකාරය. ඒ සමඟම  ගිනුමේ ආරක්ශාව තර කර ගන්නට, two factor authentication යොද ගත් යුතු වීමේ වැදගත්කමත් ඒ සමඟම කියවුනා.   ඊට පසුව මම ඔවුන්ට කියා දුන්නේ සමාජ ජාලා ආශ්‍රිතව, ඔවුන්ව ඇබ්බැහි වීමට ලක් කිරීමේ පසුබිමත් ඉන් මිදෙන්නට ඔවුන්ට ගත හැකි ඉතා පහසු උපක්‍රමත්. දේශනයේ මේ කොටස සමබන්ධව, පසුව මට විශේෂ ප්‍රසාදයක් පලකලේ විදුහල්පතිතුමිය සහ මෙය සම්බන්ධීකරනය කල ගුරුතුමිය. ඔවුන් මට කියා සිටියේ මේ සම්බන්ධව ඔවුන් දැනුවත් කිරීම් කොතෙක් කල තිබුනත්, ක්ශේස්ත්‍රයේ ව්ෘත්තිකයෙක්ම මේ ගැන විද්‍යාත්මක කරුනු ගෙන හැර පෑමෙන් දරුවන්ට ඒ ගැන ලොකු අවබෝධයක් ලැබුනු වගයි. ඒ සමඟම තමන්ගේ උපන්දිනය, ලිපිනය ආදි පුද්ගලික දත්ත අන්තර්ජාලයේ සඳහන් කරද්දි ඒ ගැන පරෙස්සම් විය යුතු වීමේ වැදගත්කම මම ඔවුන්ට මතක් කර දුන්නා.    අවසාන වශයෙන්. තරුන දරුවන් අතර ඉතාම භයානක ලෙස ප්‍රචලිත , තමන්ගේ නුසුදුසු ඡයාරූප බෙදා හදා ගන්නා sexting නම් උවදුර ගැනත් ඔවුන්ට පහදා දුන්නා. එලෙසින් වෙන අය සන්තකයට යන ඡයාරූප, වීඩියෝ ආදිය අනිසි ලෙස කෙනෙක් භාවිතා කරන සංසිද්දීය අප හඳුන්වන්නේ Image Based Abuse නමින්. එවැනි තත්වයකට පත් වූ කෙනෙකුට හෝ Cyber Harrasment, Cyber Bullying, Online Hate ආදියට පත් අයට රජයෙන් දෙන සහන සේවාත්, එවැනි ඕනෙම අවස්ථාවක වැඩිහිටියන්ට හෝ Kids Helpline වැනි රජයේ Professional Counselling සේවාවලට යොමු වීමේ වැදගත්කමත් මම අවධාරනය කලා.   මේ අපේ අනාගත පරපුර. අන්තර්ජාලයෙන් තොර ලමා කාලයක් තිබූ අපට වඩා, පහසුකම්, දැනුම ආදිය පැත්තෙන් ඔවුන් කෙතරම් වාසනාවන්තද? නමුත් සයිබර් අවකාශය සමඟ නිසඟයෙන් බැඳී ඇති උවදුරු ගැන ඔවුන්ව සබුද්ධික නොකලහොත්, අප දැනුවත්වම ඔවුන් විශාල අගාදයක් වෙත යන අයුරු හෙට දවසේ අපට බලා සිටින්නට සිදු වෙනවා නොඅනුමානයි.   මම කතාව අවසන් කලේ කොවිඩ් සම්බන්ධව දැනට ප්‍රාන්ත රජයෙන් නිතර මතක් කරන තේමාවක් සමඟ අන්තර්ජාල ආරක්ශනය මේ විදියට සම්බන්ධ කරමින්. අද සයිබර් සටහනත් ඒ සමාප්තියම ලබා දෙන්නම්.

Episode metadata supplied by the publisher feed · Published Sep 2, 2021

Embed this episode

NOW PLAYING

Episode 71; තරුණ දරුවන්ට කල දේශනය සම්බන්ධ පසු විපරම

0:00 6:53

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 6 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on September 2, 2021.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!