Episode 76: හැම මගුලම ෆේස්බුක් දැම්මහම වෙන දේ දන්නවද? episode artwork

EPISODE · Jan 2, 2022 · 4 MIN

Episode 76: හැම මගුලම ෆේස්බුක් දැම්මහම වෙන දේ දන්නවද?

from CYBER Wiparama · host Champike Yatagama

Published on 3ZZZ Radio on 26th Dec 2021 Duration: 5 mins මම අද ෆේස්බුක් වල දැකපු පෝස්ට් එකක් ගැණ කතා කරන්න හිතුවා. එක්තරා ෆේස්බුක් පේජ් එකක් විසින් අගෝස්තු 30 වෙනිදා අහපු සරල, අහින්සක ප්‍රශ්න‍යක් සමාජ ජාලාව හරහා තවම ංසරනය වෙනවා එයට බොහෝ දෙන ාප්‍රතිචාර දක්වන නිසා. ඉන් අසා තිබුනෙ ' What was the first car you owned?' - ඇත්ත, ඉතා අහිංසක, සරල ප්‍රශ්නයක්. විශ්වාස කරන්න, මේ පෝස්ට් එකට විතරක් මේ වෙනකොට කමෙන්ට්ස් විදියට ප්‍රතිචාර මිලියන 1.3ක් ලැබිලා තියෙනවා. මේ මාස තුන, හතරට මෙය 12000වතාවක් ශෙයා වෙලා තියෙනවා, එතකොට ඒ හැම ශෙයාර් එකටම තව මේ වගේ වෙන වෙන කමෙන්ට්ස් වැටෙනවා. මෙහි කමෙන්ට් කරපු අය කෙතරම් උනන්දුවෙන් මේ ප්‍රශ්නෙට පිලිතුරු දුන්නාද කියනවා නම්,  පිලිතුරට අමතරව  තමන්ගේ මුල් වාහනේ පින්තූරත්, ඒ කාලෙ තමන් ගැන විස්තරත් ලියලා තිබ්බා.  මේ පෝස්ට්  public කියන privacy setting එක හරහා දාලා තියෙන නිසා අන්තර්ජාලෙ ඉන්න ඕනම කෙනෙකුට මේ කමෙන්ට්ස් කියවන්න පුලුවන්.    දැන් මේ වගේ සිද්දි දිනපතා සමාජ ජාලා වල දකින ඔබට ගැටලුවක් එනවා ඇති, මොකක්ද මෙහි ඇති ගැටලුව කියලා.  එයට පිලිතුරක් දෙන්න කලින් අපි බලමු ඇයි අපි මේ වගේ දේවල් වලට ප්‍රතිචාර දෙන්න නැබුරු වෙන්නෙ කියලා.    මිනිසා කියන්න සමාජශීලි සත්ත්වයෙක්නෙ. අපි හැමෝම ආසයි අපේ හිතවත් අය එක්ක අපි ගැන, පවුල් ගැන විස්තර බෙදා ගන්න. විශේෂයෙන්ම අපේ අතීතය ගැන සුන්දර මතකයක් ආපු සැනින් ඒ අතීතකාමය තුල නිමග්න වෙන්නෙ බොහොම සතුටෙන්.  සමාජ ජාලා විසින් මේ ආම්න්ත්‍රනය කරන්නෙ අප තුල නිසඟයෙන් තියෙන මේ ආශාවට. මිනිසුන් එකිනෙකා මේ විදියට ජාල ගත වෙද්දි, සමාජ ජාලාවලට පුලුවන් ඔවුන්ට අදාල වෙලඳ දැන්වීම් තිරය මතට ගෙනැල්ල ආදායමක් ලබන්න. එය රහසක් නොවේ.  සමාජජාලා භාවිතා කරන්නන් හොඳටම දන්නවා තමන්ට නොමිලේ මේ සේවාව ලැබුනා වගේ පෙනුනට, තිරය පිටුපස අපේ පුද්ගලික දත්ත ල්බා දීම් නිසා අපට මිල කල නොහැකි මිලක් ගෙවන්න වෙන වග. සමාජ ජාලා මේ විදියට ලාභ ලබන අතරෙ, සයිබර් අප්රාධකරුවනුත් සමාජ ජාලා වල සැරිසරනවා ඔබ ගැන ගන්න පුලුවන් තරම් විස්තර හොයා ගන්න. ඒක එයාල කරන්නෙ බොහොම සූක්ශ්ම විදියට.  ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වෙන ඔත්තුකාරයන් ඉන්න හමුදාවක් මේ සඳහා යොදා ගන්නවා. ඒකට කියන්නෙ data-harvesting bots කියලා. මේ හරහා ඔවුන්ට පුලුවන් මිනිසුන් සම්බන්ධ විස්තර එකතු කරලා, සන්වේදී පුද්ගලික විස්තර ඇතුලත් individual profiles හදන්න. මේ විස්තර ඔවුන්ට පුලුවන් වෙනත් සයිබර් අපරාධකරුවන් හෝ පුද්ගලික විස්තර වෙලඳ ප්‍රචාරනය වෙනුවෙන් අවශ්‍ය අය වෙත විකුනන්න.  ඒවා සයිබර් අප්‍රාධකරුවන් අතට ගියහම ඔබ දන්නවා අනණ්‍යතා සොරකම් ( identity theft) සඳහා මේ විස්තර ඔවුන්ට නිධානයක්.  සමහර පාස්වර්ඩ් වෙනස් කරන්න, ඔබ විතරක් පිලිතුරු දන්න ප්‍රශ්න ඔබ ඇතුලත් කරලා තියෙනවා, First pet, first car, mother's maiden name, birth city ආදිය. මේවාට කියන්නෙ Security Questions - දැන් මේවායෙ පිලිතුරු දන්න ඔබ විතරක් කියා ඔබ සිතුවාට, මේ විදියට කමෙන්ට් කරද්දි ඔබ නොදැනුවත්වම මේවායෙ පිලිතුරු සයිබර් හොරුන් අතට පත්වෙනවා. මම හිතන්නෙ දැන් අඔබට පැහැදිලි ඇති, මතුපිටින් අහින්සක වගේ පෙනෙන එවැනි ප්‍රශ්නෙකට පිලිතුරු සපයධ්ඩි ඒ එක්කම එන අවදානම.. සමහර සමාජ ජාලා ඇප් වලින් කරන්නෙත් මේ වැඩේ.  අපි මීට කලින් කතා කරලා තියෙන, ෆේස්බුක් සමාගම අතිශය අපකීර්තියට පත්වුන, ෆේස්බුක් පරිශීලකයින්  මිලියන් 87ක දත්ත, දේශපාලනික උවමනාවක් වෙනුවෙන් අවභාවිතාවට ලක්වුනු කුප්‍රකට Cambridge Analytica සිද්දියටත් පාදක වුනේ  This is your digital life කියන facebook app එක. එසේ නම් අපි කොහොමද මේ වගේ අවදානමකින් ගැලවෙන්නෙ සමාජ ජාල භාවිතා කරන ගමන්.   මූලිකවම අපි හිතන්න ඕනෙ අපේ සංවේදී පුද්ගලික ව්ස්තර සමාජ ජාලාවල පල කරනවාද කියලා. ඔබේ උපන්දිනය, උපන් නගරය, පලමු සුරතලා, අම්මාගෙ මුල් නම ආදිය අනික් අය දැන ගන්න ඕනෙමද?  ඔබට හිතෙන්න පුලුවන් උපන්දිනය ආදිය දැන ගැනීම හරහා මිතුරන්ගේ සුබ පැතුම් ආදිය ලැබීම සතුටට කාරනයක් නිසා එය වැදගත් බව. එසේ නම් කරන්න තියෙන්නෙ ඔබේ විස්තර මිතුරන්ට විතරක් පෙනෙන ලෙස Privacy Settings, 'Friends Only' ලෙස වෙනස් කිරීම. එය ඉතාම පහසුයි කරන්න. නමුත් එහෙම කරත් වැඩක් නෑ, ඔබ ඔබට එන Friends requests සොයා බලන්නෙ නැතුව භාරගන්නව නම්.  අනික් වැද්ගත් කාරනය තමා විවිධ විනෝද්ජනක ඇප් වලට විස්තර එකතු කරන එකෙන් වැලකී සිටින එක..   මේ සරල කාරනා හරහා ඔබට යම් කිසි ආරක්ශනයක් ලබා ගත හැකියි. ඒ කොහොම වුනත්, සමාජ ජාලා භාවිතා කරනවා නම් ඉතින් අපි ඒ සම්බන්ධ තේරුම් ගත යුතු ඇත්තක් ති‍යෙනවා නිරතුරු සිහියෙ තබා ගත යුතු., ඒ තමයි.. If you don't pay for the product, you are the product

Episode metadata supplied by the publisher feed · Published Jan 2, 2022

Embed this episode

NOW PLAYING

Episode 76: හැම මගුලම ෆේස්බුක් දැම්මහම වෙන දේ දන්නවද?

0:00 4:55

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on January 2, 2022.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!