EPISODE · May 21, 2026 · 5 MIN
NSW ප්‍රාන්තය තුල රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන්ගේ ප්‍රමාණය ඉහල දැමීමට තීරණයක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ public hospital system එක ගැන කතා කරනකොට, අපිට නිතරම ඇහෙන දෙයක් තමයි හෙදියන් හිඟයක් පවතින බව සහ රෝගීන්ට රෝහල්වල ප්‍රතිකාර ලබාගැනීමට වැඩි වෙලාවක් රැඳී සිටින්නට සිදුවීම. මෙයට විසඳුමක් විදිහට NSW ප්‍රාන්ත රජය දැන් හෙද කාර්ය මණ්ඩල ප්‍රතිසංස්කරණ තවත් පුළුල් කරන්න යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවාNSW රජය පවසන පරිදි, හදිසි ප්‍රතිකාර ලබාදෙන ඒකක වල සේවා කාර්යමණ්ඩල ප්‍රතිසංස්කරණ යටතේ දැනටමත් පූර්ණ කාලීන සේවයේ නියුතු හෙදියන් nurses හෝ ඊට සමාන සේවක පිරිස් 900කට වැඩි පිරිසක් සේවයට බඳවාගෙන තිබෙනවා. දැන් ඊළඟ අදියරේදී 'general medica'l, 'surgica'l සහ 'specialty wards' වල උදෑසන සහ සවස සේවා මුර වලදී සාම රෝගීන් 4 දෙනෙකුටම අවම වශයෙන් එක හෙදියක් සිටිය යුතුයි කියලා අවම සේවක සංඛ්‍යා පිලිබඳ ප්‍රමිතීන් හඳුන්වා දෙන්න සැලසුම් සකස්කර තිබෙනවා.
Embed this episode
NOW PLAYING
NSW ප්‍රාන්තය තුල රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන්ගේ ප්‍රමාණය ඉහල දැමීමට තීරණයක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.