EPISODE · Feb 11, 2026 · 5 MIN
ඕස්ට්‍රේලියාවේ සරම්ප වැළඳීමේ ඉහළ යාමක්, විශේෂඥයන්ගෙන් එන්නත්කරණය පිළිබඳ අවධාරණයක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාවේ සරම්ප වැළඳීමේ ඉහළ යාමක් පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරනවා. 2026 වසරේ පමණක් මේ වන විට සරම්ප රෝගී තත්ත්වයන් 22ක් වාර්තා වී තිබෙනවා. වැඩිම සංඛ්‍යාවක් ක්වීන්ස්ලන්තයෙන් ද, දෙවනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ද තෙවනුව වික්ටෝරියාවෙන් ද පිළිවෙලින් රෝගීන් 8ක් 7ක් සහ 5ක් හඳුනා ගෙන තිබෙනවා. බටහිර සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තවලින් එක් රෝගියෙකු බැගිනුයි වාර්තා වී ඇත්තේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෑතකාලීනව වාර්තා වූ බොහෝ වැළඳීම්වලට හේතුව විදෙස් රටවල සංචාරය කිරීම බවයි. ඉන්දුනීසියාව, තායිලන්තය සහ ඉන්දියාව වැනි ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය කරන සංචාරක රටවල සරම්ප ව්‍යාප්ති වාර්තා වී තිබෙනවා. ඉන්දුනීසියාව එහි ඉහළම අගය වාර්තා කරනවා. එන්නත් පිළිබඳ සැක උපදවා ගැනීම සහ සරම්පවල ඇති භයානක තත්ත්වය නිසි ලෙස වටහා නොගැනීම පිළිබඳව ද විශේෂඥයන් කරුණු මතු කරනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
Embed this episode
NOW PLAYING
ඕස්ට්‍රේලියාවේ සරම්ප වැළඳීමේ ඉහළ යාමක්, විශේෂඥයන්ගෙන් එන්නත්කරණය පිළිබඳ අවධාරණයක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.