EPISODE · Apr 1, 2026 · 7 MIN
පළමු මිනිස් සඳ තරණයෙන් දශක 5කට පසු NASA සඳ ගමනේ, ඕස්ට්‍රේලියාවේ CSIRO සහ ANU වෙතින් විශේෂඥ සහාය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ලොව ප්‍රථම සඳ ගමන 1969 දී සිදු වුණා. ඒ ඓතිහාසික ගමනෙන් පසු පළමු වරට නැවතත් මනුෂ්‍යයා සඳ ගමනකට සූදානමෙන් පසු වනවා. ඒ ඇමරිකානු වේලාවෙන් අප්‍රේල් 1වන දා (ඕස්ට්‍රේලියානු වේලාවෙන් අප්‍රේල් 2වන බ්‍රහස්පතින්දා). දින 10ක මෙහෙයුමකට ගගනගාමීන් සිව් දෙනෙකු අවුරුදු දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ පුහුණු වුණා. ඔවුන් සඳ වටා ගමන් කොට නැවතත් පෘථිවිය බලා එනු ඇති. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය වන CSIRO සහ Australian National University විසින් නාසා සතු Canberra Deep Space Communications Complex සහ අනෙක් ඇන්ටෙනා භාවිතයෙන් යානය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂඥ සහාය ලබා දෙනවා. මෙම මෙහෙයුම ඕස්ට්‍රේලියානුවන්ට ආඩම්බර විය හැකි ගමනක් බව වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානය දිනූ ගනගනාමී කැතරීන් බෙනෙල් පෙග් පවසා සිටියා.
Embed this episode
Ready to play
පළමු මිනිස් සඳ තරණයෙන් දශක 5කට පසු NASA සඳ ගමනේ, ඕස්ට්‍රේලියාවේ CSIRO සහ ANU වෙතින් විශේෂඥ සහාය
No transcript for this episode yet