ධර්ම දේශනා..

PODCAST · religion

ධර්ම දේශනා..

මේ podcast හි අඩංගු වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සෑම දිනකම පෙරවරු 8.00 ටත් පස්වරු 8.00ටත් විකාශනය වන ධර්ම දේශනාවන් ය. මේ දම් දෙසුම් විකාශය වූවාට පසුත් සැදැහැවතුන්ට නොමිලයේ ශ්‍රවනය කිරීමට මෙලෙස අන්තර්ජාල ගත කරන ලදී. මෙමගින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවෙමි. මේ ධර්ම දේශනා සඳහා දායක වූ පින්වතුන්ගේත්, ඒ ඒ දන් දෙසුම අවසන පින් අනුමෝදනා ප්‍රාර්ථනා කරන අයගේත්, සැදැහැ සිතින් මේ දම් දෙසුම් අසන අයගේත් සසර ගමන කෙටිවේවා. අමා මහ නිවන අවබෝධ වේවා. http://mahamevuna.wordpress.com/

  1. 14

    Episode 14 - සම්‍යක් ප්‍රතිපදාවේ වැදගත් කම කුමක්ද ?

    සම්‍යක් ප්‍රතිපදාවේ වැදගත් කම කුමක්ද ? ශාශන බ්‍රහ්ම චර්යාව යනු කුමක්ද? අනුශික්ෂා අනුපූර්ව අනුප්‍රතිපදාවෙන් මේ බ්‍රහ්මචර්‍යාව සම්පූර්‍ණ කල අය රහත් වන්නෝ ය. සියළු බඹ දෙවු මිනිස් අතුරින් මේ සසරින් මිදීමට ඉතාම අප්‍රමාදීව කටයුතු කළ යුතු වන්නෝ කවරහුද ? 2011 නොවැම්බර් මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. දේශකයාණන් වහන්සේ: ගංගොඩවිල පුෂ්පාරාමාධිපති, ආගමශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශනශූරී, පූජ්‍යපාද කහටපිටියේ පඥ්ඥාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ

  2. 13

    Episode 13 - යථා ධර්ම අවබෝධය තුලින් සත්‍යය වටහා ගන්න. නොමග නොයන්න, මුලා නොවන්න

    2011 nowAmbar මස 09 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. සද්ධර්මය තියෙත්දී -  වෙනත් දේ වලින් මුලා නොවන්නඅරටුව අරටුව ලෙස දකින රුක් වඩුවකු සේ නිවන් මඟ නිවැරදිව දකිමු. දේශකයාණන් වහන්සේ: පානදුර, කෙසෙල්වත්ත, ශ්‍රී ගංගාතිලක පරිවේනාධිපති, රත්මලාන පුරාණ විහාර වාසී, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුන්‍යානන්ද ස්වාමීන් වහන්සේ.

  3. 12

    Episode 12 - භාවනාවට බාධා කරන නීවරණ හඳුනා ගනිමු...

    භාවනාවට බාධා කරන නීවරණ හඳුනා ගනිමු... නිවැරදි ව භාවනාවට පිවිසෙන්න, ප්‍රගුණ කරන්න. (මහා සතිපට්ඨානය ඇසුරෙනි ) තෙරුවන් සරණයි දේශකයාණන් වහන්සේ: පේරාදෙණිය, හිඳගල, මහකන්දේ, ශ්‍රී සමාධි මාවතේ, ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාශක ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරාධිපති, ශ්‍රී සද්ධර්මවාදේශ්වර, ත්‍රිපිටක ධර්මවේදී කම්මට්ඨානාචාර්‍ය, පූජ්‍යපාද, මහමෙවුනාවේ මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

  4. 11

    Episode 11 - කෙනෙකු දාන පුන්‍ය කර්මයක් කිරීමට සැරකෙන විට, එය වැලැක්වීම හරිද ?

    දානය , එහි විපාක, ඔබ දන්නවා. කෙනෙකු යාචකයෙකුට යමක් දීමට කෙනෙක් සැරසෙන විට, "අපෝ ඔය මනුස්සයා ඔය සල්ලි වලින් කසිප්පු බොයි" කියා වැලැක්වීම හරිද ? . මෙලෙසින් යම් කෙනෙක් දාන පුන්‍ය කර්මයක් කිරීමට සැරකෙන විට, එය වැලැක්වීම, දානය දෙන්නා කෙරෙහි, හිතවත් කමින් හෝ වුවත්, එලෙස එම "දීම" වලක්වාලීම බෞද්ධ ධර්මය අනුව නිවැරදි ද ? අසා අවබෝධ කරගන්න - ඔබට සත්‍යය ඉක්මණින් අවබෝධ වේවා. තෙරුවන් සරණයි දේශකයාණන් වහන්සේ: පානදුර, කෙසෙල්වත්ත, ශ්‍රී ගංගාතිලක පරිවේනාධිපති, රත්මලාන පුරාණ විහාර වාසී, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුන්‍යානන්ද ස්වාමීන් වහන්සේ.

  5. 10

    Episode 10 - දාන පාරමිතාව පිරීම හා එහි ආනිසංශ

    2011 සැප්තැම්බර් මස 30 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. දේශකයාණන් වහන්සේ: හම්බන්තොට, උඩමලල, වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති, පූජ්‍ය, නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ.

  6. 9

    Episode 9 - නියමාකාරයෙන් පිළිවෙතින් පෙළ ගැසෙමු

    "සම්බුද්ධත්ව ජයන්තියේදී පිළිවතින් පෙළගැසෙමු".. මේ පිළිවත කුමක්ද ? එය කා සඳහාද.. ජන්ම පත්‍රයට අනුව අපි බෞද්ධ කියා කියන්නෙමු. නියමාකාරයෙන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කල මාර්ගයේ අපි යන්නෙමුද ? සත්‍ය ලෙසම අපි බුදුන් වහන්සේ සරණ ගියමුද ?? නියමාකාරයෙන් පිළිවෙතින් පෙළ ගැසෙමු. දේශකයාණන් වහන්සේ: රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මිල්ලදෙණියේ ඉන්ද්‍රවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ

  7. 8

    Episode 8 - නිවැරදිව පින් අනුමෝදන් කරමු

    2011 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. පින් අනුමෝදන් කරන්නේ කෙසේද ? පින් අනුමෝදන් වන්නේ කාටද ? මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදනාවන් කිරීම.. අනුනට පින් අනුමෝදනාවෙන් පින්වතුනට ලැබෙන දේ.. දේශකයානන් වහන්සේ: පානදුර, කෙසෙල්වත්ත, ශ්‍රී ගංගාතිලක පරිවේනාධිපති, රත්මලාන ශ්‍රී ධර්මාරාම පුරාණ විහාරය, බුත්තල හත්පෝරුව විහාරය යන උභය විහාර වාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පුණ්‍යානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ

  8. 7

    Episode 7 - මනුශ්‍යයෙක් ලෙස අරුත්බර ජීවිතයක් ගෙවන්නේ කෙසේද

    2011 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. දස අකුසලයෙන් වැලකීම, දස කුසලයේ යෙදීම මගින් මනුශ්‍ය ජීවිතය අර්ථවත් කර ගෙන සසර ගමන සැනසීම දක්වා යන්න.. දේශකයානන් වහන්සේ: දෙකටන නා මළුව පුරාණ විහාරාධිකාරී, විශ්ව කීර්ති ශ්‍රී ධම්මභානී, ශ්‍රාස්ත්‍රපති, විද්‍යාවිශාරද, පූජ්‍යපාද, වින්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ

  9. 6

    Episode 6 - තණ්හාව හා තණ්හාව නැති කර ගැනීම

    දුකට හේතුව වන තණ්හාව, පුනර්භවය ඇති කරයි. සංසාරය පුරාවට විඳින්නට සිදුවන ජාති, ජරා, මරණ ලඟා කර දේ. මේ බැඳීම් දුකට හේතුව වී දුක ඇතිකරයි. තණ්හාව යනු කුමක්ද ? එය කුමන සීමාවන් හි සිට කුමන සීමාවන් දක්වා, කොපමණ ප්‍රමාණයෙන්, කුමන ආකාරයෙන් ද නැති කර ගත යුත්තේ ? තණ්හාවේ ඇති ප්‍රබලත්වය කුමක්ද ?? දේශකයාණන් වහන්සේ : කහතුඩුව, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති, පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති, පූජ්‍යපාද වෙටියල ඉන්ද්‍රසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ

  10. 5

    Episode 5 - ධර්මශ්‍රවනයෙන් පිළිවෙතෙහි පිහිටීම

    2011 අගෝස්තු මස 9 වන දින රාත්‍රී 8 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. අපේ ජීවිත ධර්මයෙහි අනුගාමී කරවීම, ධර්මශ්‍රවනයෙන් පිළිවෙතෙහි පිහිටීම දේශකයානන් වහන්සේ: කැකිරාව, මඩාටුගම, කොටසර, ශ්‍රී පියන්ගල රාජ මහා විහාර වාසී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්‍‍ය, ශාස්ත්‍රපති, පූජ්‍යපාද කුඩා කත්මුල්ලේ විනීත ස්වාමින්ද්‍රයන් වහන්සේ

  11. 4

    Episode 4 - සර්වඥයන් වහන්සේගේ ආනුභාවයන්

    2011 ජුලි මස 29 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. තථාගත සර්වඥයන් වහන්සේ ලොව පහල වීම නිසා දෙව් මිනිස් සහිත සියළු සත්වයනට අසහාය, වටිනා ධර්මය ශ්‍රවනය කිරීමටත් ඒ අනුව අනුගත වෙමින් ධර්ම මාර්ගයේ ගමන් කොට අමා මහ නිවනින් සැනසීමේ හේතු වාසනාව සැලසී තිබේ. දේශකයානන් වහන්සේ: අම්බලන්ගොඩ ගල්දූව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාභිවාසී පූජ්‍ය කැළණියේ ශ්‍රී විපුලඤාන ස්වාමීන්වහන්සේ

  12. 3

    Episode 3 - වස්සාන කාලය වස් වැසීම පිළිබඳව හා වස් පින්කම සාර්ථකව කරගැනීම

    වස්සාන කාලය වස් වැසීම පිළිබඳව හා වස් පින්කම සාර්ථකව කරගැනීම 2011 ජුලි මස 15 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. දේශකයානන් වහන්සේ: පානදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාම විහාරාධිකාරී, කොළඹ ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර විද්‍යායතන පරිවේනාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍යපාද ගරු තන්තිරිමුල්ලේ සරණ ස්වාමීන් වහන්සේ

  13. 2

    Episode 2 දුක්ඛ සත්‍යය - විග්‍රහයක්

    දුක්ඛ සත්‍යය - විග්‍රහයක් 2011 ජුලි මස 13 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

  14. 1

    Episode 1 - ධර්මානුකූල ජීවිතය

    2011 ජුලි මස 11 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. දේශකයානන් වහන්සේ: බම්බලපිටිය ශ්‍රී වජිරාරාමවාසී මීගොඩ සුඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්ම රත්නය ලොව පහලවී වසර 2600ක් ගෙවී ඇත. වසර 2600ක සසර ගමනයට පසුත් අප සසර දුකින් එතෙර වීමට කුමක්ද අප කරඇත්තෙ ? ඉදිරියට කුමක්ද කල යුත්තේ ? 

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

මේ podcast හි අඩංගු වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සෑම දිනකම පෙරවරු 8.00 ටත් පස්වරු 8.00ටත් විකාශනය වන ධර්ම දේශනාවන් ය. මේ දම් දෙසුම් විකාශය වූවාට පසුත් සැදැහැවතුන්ට නොමිලයේ ශ්‍රවනය කිරීමට මෙලෙස අන්තර්ජාල ගත කරන ලදී. මෙමගින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවෙමි. මේ ධර්ම දේශනා සඳහා දායක වූ පින්වතුන්ගේත්, ඒ ඒ දන් දෙසුම අවසන පින් අනුමෝදනා ප්‍රාර්ථනා කරන අයගේත්, සැදැහැ සිතින් මේ දම් දෙසුම් අසන අයගේත් සසර ගමන කෙටිවේවා. අමා මහ නිවන අවබෝධ වේවා. http://mahamevuna.wordpress.com/

HOSTED BY

චගු

URL copied to clipboard!